පොරොන්දු වුණු වෙනස කරන්න නම් ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ 159 විතරක් මදි. නගරසභා බලයත් ඕනෑ – NPP බල්තසාර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ජනතාව බලය ලබාදුන්නේ වෙනසක් ඇති කිරීම සඳහා බවත් ඒ වෙනස ඇතිකිරීමට නම් පළාත් පාලන ආයතනවල බලයත් ජාජබට ලැබිය යුතු බවත් එම පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

“සහෝදර සහෝදරියො ඡන්දෙ දුන්නෙ ඇයි ? අපට ඒ වරම දුන්නෙ ඇයි ? 159 දෙනෙක් පාර්ලිමේන්තුවට යැව්වෙ ඇයි ? අනුර සහෝදරයා ජනාධිපති ධුරයට යැව්වෙ ඇයි ? යැව්වෙ ඇත්තටම වෙනසක් ඇති කරන්න. එතකොට ඒ වෙනස ඇති කරන්න නම් ජාතික තලයේ විතරක් නෙවෙයි සහෝදරවරුනි, අපට බිම් මට්ටමෙත් ඒ වෙනස ඇති කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ඇති කරන්න නම් අපිට බලය තියෙන්න ඕනෙ කොහෙද ? අපට බලය තියෙන්න ඕනෙ බිමේ, අපට බලය තියෙන්න ඕනෙ නගරසභාවේ”

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මේ බව පැවසුවේ පසුගියදා උතුරු කොළඹ,, ලුණුපොකුණ කොට්ඨාසයේ පැවති ජාතික ජන බලවේගයේ උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...