පොරොන්දු වුණු වෙනස කරන්න නම් ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ 159 විතරක් මදි. නගරසභා බලයත් ඕනෑ – NPP බල්තසාර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ජනතාව බලය ලබාදුන්නේ වෙනසක් ඇති කිරීම සඳහා බවත් ඒ වෙනස ඇතිකිරීමට නම් පළාත් පාලන ආයතනවල බලයත් ජාජබට ලැබිය යුතු බවත් එම පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

“සහෝදර සහෝදරියො ඡන්දෙ දුන්නෙ ඇයි ? අපට ඒ වරම දුන්නෙ ඇයි ? 159 දෙනෙක් පාර්ලිමේන්තුවට යැව්වෙ ඇයි ? අනුර සහෝදරයා ජනාධිපති ධුරයට යැව්වෙ ඇයි ? යැව්වෙ ඇත්තටම වෙනසක් ඇති කරන්න. එතකොට ඒ වෙනස ඇති කරන්න නම් ජාතික තලයේ විතරක් නෙවෙයි සහෝදරවරුනි, අපට බිම් මට්ටමෙත් ඒ වෙනස ඇති කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ඇති කරන්න නම් අපිට බලය තියෙන්න ඕනෙ කොහෙද ? අපට බලය තියෙන්න ඕනෙ බිමේ, අපට බලය තියෙන්න ඕනෙ නගරසභාවේ”

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මේ බව පැවසුවේ පසුගියදා උතුරු කොළඹ,, ලුණුපොකුණ කොට්ඨාසයේ පැවති ජාතික ජන බලවේගයේ උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...