මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු බේරා ගැනේ!

0
308

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාරයේ සහ තායිලන්ත රජයේ ද සහාය ඇතිව, මියන්මාරයේ, මයාවාඩිහි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු බේරාගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා අද(18) දින ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට නියමිත බව සඳහන් වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන් ලබා දුන් සහාය අගය කරන බවයි.

අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විදේශ රැකියා සොයන විට මිනිස් ජාවාරම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි.