පොහොර සහනාධාර මුදල් සොරකම් කරලා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල්

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

අද (18) පාර්ලිමේන්තුවේදී සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්, පොහොර සහනාධාර මුදල් පිළිබඳ හෙළිදරව්වක් කළේය.

ඒ, රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති බවත්, එම මුදල් සොරාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇති බවත්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එහිදී කියා සිටියේය.

තවද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් නිලධාරිනියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...