සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයෙන් ගසාවට දැවැන්ත ප්‍රහාරයක් – ළමුන් හා කාන්තාවන් ඇතුළු 300කට වැඩි පිරිසක් ඝාතනය වෙයි!

Date:

කොළඹ LNW:සටන් විරාම එකඟතා උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් ළමුන් හා කාන්තාවන් ඇතුළු 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මරණ වලින් වැඩි ප්‍රමාණයක් ළමුන් හා කාන්තාවන් බවයි දැක්වෙන්නේ.

පසුගිය ජනවාරි 19 වැනිදා හමස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමට අත්සන් තැබුණු අතර එම එකඟතාවෙන් පසු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද දරුණුම ප්‍රහාරය මෙය බව දැක්වෙයි.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මෙම ගුවන් ප්‍රහාර අනාරක්ෂිත සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකළ ද්‍රෝහී ප්‍රහාරයක් බවට හමස් සංවිධානය චෝදනා කර සිටියි.

කෙසේවෙතත් පසුගිය ජනවාරි 19 න් පසු දෙපාර්ශවය අතර සටන් විරාමය කඩ වෙන ලකුණු පසුගිය කාලය පුරම වරින් වර පෙන්නුම් කළ අතර ගාසා තීරය වෙත භාණ්ඩ ප්‍රවාහනය ද ඊශ්‍රායල විසින් අවහිර කර තිබුණි.

ගුවන් ප්‍රහාරවලට අමතරව දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර ඇති අතර ඊශ්‍රායලය එම ප්‍රහාර එල්ල කර ඇත්තේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ජාතිකයින් බේරා ගැනීම වෙනුවෙන් පවසා තිබෙන අතර එයට මේ වන විට විශාල විරෝධයක් එල්ල වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එම ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස හමාස් සංවිධානය පවසා ඇත්තේ ”සාකච්ඡා හරහා අත්කර ගැනීමට අපොහොසත් වූ දේ යුද්ධයෙන් හා විනාශයෙන් සතුරා සාක්ෂාත් කර නොගනු ඇත” යනුවෙනි.

එමෙන්ම සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයට විදී බැස විරෝධය පළකරන ලෙසද ලෝකයේ නිදහස් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හමාස් සංවිධානය පවසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...