*
Wednesday, March 19, 2025
spot_img

Latest Posts

නායකත්වය දැරූ සියවැනි ටෙස්ට් තරගයෙදී තරගාවලියේ වීරයා සම්මානයක් ලැබීමට චමරි සමත් වෙයි – නවසීලන්ත ක්‍රිඩිකාවන්ගෙනුත් උපහාර

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 18, (LNW)කොළඹ

විස්සයි විස්ස කාන්තා ලෝක සූරියන් වන නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව 1-1 ක් ලෙස නිමා කර ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.එසේම තරගාවලියේ වීරවරිය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කෙරුණා.වර්ෂාව නිසා තෙවන තරගය සම්පූර්ණයෙන් නිමා නොවුණු තරගයක් වූ අතර එම තරගය අවසානයේ තරගාවලියේ වීරවරිය ලෙස චමරිව නම් වීම ඇයගේ ක්‍රීඩා ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් වෙනු ඇත.එක්දින තරගාවලියේ දී දක්ෂතා අතරට ඒමට අපොහොසත් වුවත් ඇය විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා ක්‍රීඩා කළ ඉණිමත් සමඟ ඉණිම දෙකකදී ලකුණු 87 ක් සහ පන්දු යැවීමෙන් කඩුලු දෙකක් දවා ගැනීමට සමත්වීම මත ඇය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කළා.


සිය 146 වන විස්සයි විස්ස තරගයට චමරි ක්‍රිඩා කළ අතර මේ වන විට 35 වැනි වියේ පසුවන චමරි,සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රිඩා කර ඇත්තේ 2009 වසරේදීය.එතැන් සිට වසර 16 ක ක්‍රිකට් ජීවිතයේ මේ මොහොතේත් තරගාවලියක විරවරිය විය හැකි ම්ට්ටමට සිය ක්‍රිකට් ජීවිතය නඩත්තු කරන චමරිගේ එම දස්කම අගයා නවසීලන්ත කාන්තා කණ්ඩායමේ අත්සන් සහිත ටි ෂර්ටයක්,නවසීලන්ත නායිකා සුසී බේට්ස් අතින් චමරිට පිරිනැමීමද සිඳු වුණා.නිශ්චිත පොළවකට සීමා නොවුණු ක්‍රිකට්මය වූ විශ්වීය හැකියාවක් සහිත දුර්ලභ ක්‍රීඩිකාවක් වන චමරි ලද මේ ඇගයීම ඇයට මෙන්ම ඇය යටතේ වැඩෙමින් සිටින ඉතා ලාබාල ක්‍රීඩිකාවන්ටද සිය ඉදරි ගමන වෙනුවෙන් කරනු ලබන දිරි ගැන්වීමක් ලෙස හැඳින්විය හැකියි.


සිය 100 වැනි නායකත්වය රට වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම තරගයේදී චමරි කාසියේ වාසිය දිනා ගෙන පන්දු රැකීමට තීරණය කළා.අධික ශීතල සහිත වැහිබර කාළගුණය සමඟ හමා ගිය වේගවත් සුළඟද නිසා පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.එහිදී වේගය,ශිතල කාළගුණය මෙන්ම සුළඟ ද සමඟ චමරි සුපුරුදු දඟ පන්දු වට්ටෝරුවම භාවිතා කරමින් නවසීලන්ත ක්‍රීඩිකාවන් මර්ධනයට ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ.මේ තරගාවලියේද හඳුනාගත් වේග පන්දු යවන දිල්කි මධාරා සිය වේගය ද පාරිසරික තත්ත්වයද කදිමට භාවිතා කරමින් සිය පන්දු ඕවර් 3 ලකුණු 13 ට සීමා කළා.


තරගයේ එක් වර්ෂා අවස්ථාවක තරගය නවතා පන්දු ඕවර් 15 ට සිමා කර නැවත ආරම්භ කළත් නැවත පන්දු ඕවර් 14.1 ගෙවෙන තැන නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉණිම වර්ෂාව නිසා නවතින විට කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ව පැවතියා.මදාරා ඉතා හොඳින් ලකුණු කළමණාකරණය කරමින් තර්ජනයක් ඇති කරද්දී,චමරි විසින් මනුදි නානායක්කාර හෝ රශ්මිකා සෙව්වන්දි යන මදවේග පන්දු යවන නවක ක්‍රීඩිකාවන් යොදවන්නට කල්පනා නොකිරීම ගැටළුකාරියි.එසේ වූවානම් බොහෝ විට වේගයට හිතකර වූ තණතිල්ල තුළ තවත් නවසීලන්ත කඩුලු කිහිපයක් අහිමිව ලකුණු සටහනද පහළ අගයක තිබෙන්නටත් තිබුණා.


කෙසේ වුවත් වීශේෂයෙන් නුහුරු සීතල සහ සුළඟ ඇති කළ තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සාමාන්‍ය ලෙස තමන් වෙත පැමිණෙන පන්දුව හෝ එක්වර රැක ගැනීමේ දුර්වලකමකින් පෙළුණා.යම් ආකාරයක පීඩනයතට නතුව ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකාරිණියන් වන නායිකා සුසී බේට්ස් සහ ජොර්ජියා ෆ්ලිම්මර් අතරින් සුස ලබා දුන් උඩ පන්දුවක් පන්දු යැවූ ඉනෝෂි ප්‍රියදර්ශණී අතින් ගිලිහී යාමෙන් අනතුරුව යැවූ පන්දු තුනටම හතරේ පහරවල් එල්ල කරමින් සුසී ක්‍රියාත්මක වන්නට ගත්තා.ඇය පන්දු 28 දී ලකුණු 31 ට ඉවත් කරන්නට සුගන්ධිකා කුමාරි රැකගත් උඩ පන්දුවක් හමුවේ චමරි අතපත්තු සමත් වුණත්,ෆ්ලිම්මර් තරගය නවතා දමන විටත් පන්දු 37 දී ලකුණු 46 ක් ලබා නොදැවී සිටියා.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න → https://bit.ly/4ixw5uM

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan