මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්!

Date:

මෙරට විදේශ ද්‍රවශීලීතා සංචිත ඩොලර් මිලියන 50 ක් වත් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

රජයේ බදු ආදායම් සියයට 8.7 ක සීමාවේ පවතින බව ද මුදල් අමාත්‍යවරයා සැල කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර බව ද සඳහන් කළ ඒ මහතා, එම අරමුදලේ වැඩසටහනට ඇතුල් වීමට අවම වශයෙන් මාස හයක පමණ කාලයක් වත් යනු ඇති බව ද අනාවරණය කළේය.

මේ අතර, 2022 වර්ෂය සඳහා වූ අයවැය තවදුරටත් ප්‍රායෝගික නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව, නව අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව ද අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...