ජනපතිට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලට අපේ සහාය නෑ – වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවකට තම කණ්ඩායමේ සහයෝගය හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

තම පක්ෂයේ සහාය එවැනි යෝජනාවකට කිසිසේත්ම හිමි නොවන බවත්, තම කණ්ඩායම නියෝජනය කරන සෙසු පක්ෂද ඒ සඳහා සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මතුව ඇති අර්බුදකාරී තත්වය ජනාධිපතිවරයා තනතුරේ සිටියදීම විසඳා ගත හැකි බවත් වාසුදේව නානායක්කාර මහතා පවසයි. ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට අවශ්‍ය නම් එය 21 වැනි සංශෝධනය හරහා සිදුකළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

පක්ෂ 11 කණ්ඩායමේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයා ඉල්ලා අස් වී සියලු පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අර්බුද විසඳා ගත හැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...