අගමැති ඉල්ලා අස්වෙන්නෙත් නෑ විශේෂ ප්‍රකාශත් නෑ – දිනේෂ්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි. දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි. අගමැතිවරයා තනතුරින් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, එය හෙට හෝ අනිද්දා සිදුවනු ඇති බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...