මත්වෙන ගමන් සිරීපාදේ නැගලා: 14ක් පොලිසියට කොටුවෙයි.

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ (LNW):

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් සතුව තිබී අයිස්, ගංජා, ගංජා මිශ්‍ර මදන මෝදක සහ දුම්කොළ මිශ්‍ර මාවා සොයාගත් බවයි. නල්ලතන්නිය, මස්කෙලිය, පොල්පිටිය, නෝටන්බි්‍රජ්, ගිනිගත්හේන සහ නෝර්වුඩ් පොලිස් ස්ථානවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස 25ත් 40ත් අතර පසුවන එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.