බස් අනතුරක්: 30කට වැඩි පිරිසකට තුවාල

Date:

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ (LNW):

මීට ටික වේලාවකට පෙර කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වන අතර, අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...