*
Monday, October 28, 2024
spot_img

Latest Posts

මහින්දගේ ආ ගිය කතා හෙවත් ඉල්ලා අස්වීමේ නිධාන කතා – තාරක ලියයි

මහින්දගේ ආ ගිය කතා කියන්නේ ඉස්සර ලක්බිම පත්තරේ ගිය කොලම් එකක්. ඒකෙ තිබුණෙ ජීවන අද්දැකීම් ඇසුරෙන් හාස්‍යය මතුකරලා. ඒක ලිව්වේ ඔය පස්සේ කාලෙක අයි ටී එන් එකේ විමසුම කියන ජෝක් සෙග්මන්ට් එකේ පිටපත ලියපු මහින්ද අබේසුන්දර. ඒ මහින්ද වැඩිපුරම කඩේ ගියේ මහින්දට. රාජපක්ෂ පවුලට. වැඩිපුරම කියනවට වඩා සම්පූර්ණයෙන්ම කිව්වොත් නිවැරදියි.

අද අපි කතාකරන්නේ ඒ මහින්දගේ ආ ගිය කතා ගැන නෙමෙයි, මේ මහින්දගේ ආ ගිය කතා ගැන. මේ මහින්දත් එනවා යනවා ඉවරයක් නැහැ. මහින්ද පාර්ලිමේන්තු ආවේ බෙලිඅත්තේ තංගල්ලේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා. පාර්ලිමේන්තු ආවට පස්සෙත් එයා විටින් විට එක එක වැඩවලට ග්‍රවුන්ඩ් ලෙවල් එකට ගිහින් එන බව සමහරු කියනව.

ඒත් මහින්ද දේශපාලනේදීත් එන යන කෙනෙක්. හැබැයි එයා කවදාවත් පක්ෂ මාරු කරේ නැහැ පොදුජන පෙරමුණ හදනකම්ම. ඒකත් කියන්න ඕන. හැබැයි එයාගේ ආගිය වැඩ ඔක්කොම සීතලට තමයි කෙරුවේ. මුල්ම කාලේ එයා හිටියේ අනුර බණ්ඩාරනායක එක්ක. සිරිමාවෝට එරෙහිව අනුර පිළේ. හැබැයි අනුර බණ්ඩාරනායක unp එකට යනකොට මහින්ද අනුරව අතහැරියා.

එකම වේදිකාවේ කොනෙන් කොනට මාරුවෙවී කල්ගන්න මහින්ද තරම් දක්ෂයෙක් ලංකා දේශපාලනයේ බිහිවෙලා නැතුව ඇති. චන්ද්‍රිකා සමයේ මහින්ද හිටියේ චන්ද්‍රිකා එක්ක නෙමෙයි. ඒත් අගමැතිකමට මහින්දව පත්කරන තැනට මහින්ද ගානට සෙල්ලම් කෙරුවා. ඒ කාලේ jvp එක මහින්දට වඩා කැමති කදිරගාමර්ට. හැබැයි jvp එකේ ප්‍රසාදය දිනාගන්නත් මහින්ද දක්ෂ වුණා.

නිකම් මැදමාවතේ යනවා වගේ පෙන්නගෙන හිටපු මිනිහ මෙන්න යකෝ එක පාරටම දේශප්‍රේමී සීන් එකට ආව. කොච්චර දේශප්‍රේමී වුනාද කියනවනං මල් නම් ජයරත්න ජයරත්න නම් මල් වගේ, දේශප්‍රේමය නම් මහින්ද මහින්ද නම් දේශප්‍රේමය කියන ගානට ආවා. එහෙම ලොකු මැච් එකක් ගහපු මනුස්සයා 2015 අතුරු ආන්තරාවක් නැතුව ගෙදර ගියා.

එහෙම ගිය මනුස්සයා මහින්ද සුළඟේ පාවෙලා ආපහු සීන් එකට ආවේ ඉස්සර තරුණයා පත්තරේ ගිය සුළඟේ පාවෙන පෙම් කුසුම් වගේ. විමල්ලා ගම්මන්පිලලා එයාලගේ පරම පිවිතුරු ලව් එක මහින්ද බව පොළොවේ හැපි හැපි කියනකොට මහින්ද සෙක්සි හිනාවක් දාගෙන ආයෙමත් සීන් එකට සෙට් වුණා. මිනිස්සු කඳුළු සැලුවා. අප්පච්චි ආයෙත් ආව දෙයියෝ.

එහෙම ඇවිත් ඉන්න අතරේ මෛත්‍රී එක්ක ඩීල් එකක් දාගෙන එක රැයෙන් මහින්ද අගමැති වුණේ ශිහාන් මිහිරංග හරි නාමල් උඩුගම හරි එක රැයෙන් තරුවක් වුණාටත් වඩා වේගෙන්. ඒ ඇවිල්ලා දින පනස් දෙකක් අගමැති පුටුව අල්ලාගෙන හිටියා. ජනතා විරෝධයයි අධිකරණ තීන්දුයි දිහා බලල, එනපොට හොඳ නැති නිසා එයා ආයෙත් පසුබැස්සා.

යහපාලන කියල හඳුන්වගත්ත ගොබ්බ ආණ්ඩුවේ වැඩපිළිවෙලට පින් සිද්ද වෙන්න මහින්ද ආයෙත් සීන් එකට ආව. එක මල්ලි කෙනෙක්ට කියල පක්ෂයක් හදාගෙන. අනිත් මල්ලිව ජනාධිපති කරගෙන. පුතාලා තුන්දෙනාව ගානට ස්ථානගත කරගෙන.ඊට පස්සේ එහෙමත් අවුරුදු එකහමාරක් ගෙවුණා. දැන් රටේ මිනිස්සු පාරට බැහැල කියනව පවුල පිටින්ම පළයව් කියල.

එහෙම පළයව් කිව්වට මහින්ද යනවද මිත්‍රවරුනි.? නැහැ. එයා එහෙම යන්නෙ නැහැ. එයා හතර මුල්ල පැන පැන කල්ගන්නවා. යනවා කියනවා, ආයෙත් බෑයි කියනව. හා එහෙනං යන්නන් කියනව, අලුත් අගමැති නම් කෙරුවම යන්නන් කියනව. ආයෙත් බැහැයි කියනව. එක්කෝ එහෙනං යන්නන් කියනවා. මොකක්ද මේ මහින්ද කරන්නේ ? එයා කල් ගන්නවා. වටපිටාව හැදෙනකන් කල් ගන්නවා.

එක්කෝ එයා හිතනවා අරගලය දැන් දියවෙයි දැන් දියවෙයි කියල. එක්කෝ එයා විපක්ෂයේ දියරුකම තව වැඩිවෙනකන් කල් මරනවා. ඔය ඔක්කොමටත් වඩා එයා කල් මරන්නේ විදේශාධාර සහ මුල්‍ය ප්‍රදාන ටික එනකන්. ඒ ටික ආවට පස්සේ ගේමක් ගහල සමාජය බැලන්ස් කරන්න පුළුවන් වෙයි කියල එයා හිතනවා.

ඒත් තව දුරටත් අල්ලාගෙන ඉන්න බැරිමනං එයා යයි. හැබැයි ඒ තමන්ගේ පරපුරේ ආරක්ෂාව තහවුරු කරලා. ආරක්ෂාව සහතික කරලා. එයා 2015 පසුබැස්සෙත් එහෙමයි. 2022 පසුබසින්නෙත් එහෙමයි. ඒකෙ කිසිම සැකයක් නැහැ. හැබැයි මේ පාර මහින්දට ගණන් හදාගන්න බැරිවෙච්ච එක දෙයක් තියෙනවා. ගිනිකන්ද මහින්ද හිතනවට වඩා ලොකුයි. ලාවා වෙනකවරදාටත් වඩා උකුයි.

  • තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan