හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, කරුණා අම්මාන් ඇතුළු සිව් දෙනෙකුට එක්සත් රාජධානියෙන් සම්බාධක!

Date:

කොළඹ LNW:හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ LTTE සංවිධානයේ කලක් කටයුතු කළ එහි නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන පිරිසට එක්සත් රාජධානියෙන් සම්බාධක පනවා තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට ලෙසටයි ඔවුන්ව දක්වා ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම්,ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව ඔවුන්ට සම්බාධක පනවා තිබේ.

එම සම්බාධකය අනුව ඔවුන්ට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම තහනම් වන අතර එරට තුළ ඔවුන් සතුව වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...