ජනාධිපති ට්‍රම්ප් මෝටර් රථ සඳහා 25%ක නව තීරු බද්දක් පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(26)දින සිට එක්සත් ජනපදයට නැව්ගත කරන සියලුම මෝටර් රථ, එන්ජින් සහ සම්ප්‍රේෂණ ඇතුළු මෝටර් රථ කොටස් සඳහා සඳහා 25% ක නව තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබේ.

නවතම තීරුබදු අප්‍රේල් 2 වන දින සිට ක්‍රියාත්මක වන බව අතර වාහන ආනයනය කරන ව්‍යාපාර සඳහා අය කිරීම් ඊළඟ දින සිට ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජනපදයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම හා එක්සත් ජනපදයේ රැකියා සහ ආයෝජන වැඩි අරමුණෙන් මෙම නව තීරු බද්ද ප්‍රක්ෂයට පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ජනපදයේ නිෂ්පාදනය නොකරන සියලුම මෝටර් රථ සඳහා 25% ක තීරුබදුවක් ක්‍රියාත්මක වන බවත් ඒවා එක්සත් ජනපදයේ නිෂ්පාදය කරන්නේ නම් කිසිදු තීරු බද්දක් අයත් නොවන බවත්ය.

පසුගිය වසරේ එක්සත් ජනපදය දළ වශයෙන් මිලියන අටක් මෝටර් රථ ආනයනය කළ අතර එය වෙළඳාමෙන් ඩොලර් බිලියන 240 ක් (£ බිලියන 186) ක් සහ සමස්ත අලෙවියෙන් අඩක් පමණ විය.

මෙක්සිකෝව එක්සත් ජනපදයට මෝටර් රථ සපයන ප්‍රමුඛතම විදේශීය සැපයුම්කරු වන අතර දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා ගිවිසුමට (USMCA) අනුකූලව මෝටර් රථ නිෂ්පාදකයින් කැනඩාව සහ මෙක්සිකෝවෙන් පැමිණෙන කොටස් හා වාහන භාවිතා කළ අතර ට්‍රම්ප් සඳහන් කරන්නේ, ස්ටෙලැන්ටිස්, ෆෝඩ් සහ ජෙනරල් මෝටර්ස් යන මහා මෝටර් රථ නිෂ්පාදකයින් තිදෙනා සමඟ සාකච්ජා කර ඇති බැවින් ඔවුන් එක්සත් ජනපදයේ නව නිෂ්පාදන ආරම්භ කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...