අගමැති මෝදි අප්‍රේල් 04 දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ (LNW):

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ, අප්‍රේල් 04 වනදා සිට 06වනදා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සිදු වන බවයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මස 03 වනදා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එරට සිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, නරේන්ද්‍ර මෝදි මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර තවත් දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

ඉන්දීය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

අවසන් වරට නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණියේ 2019 වසරේදී වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...