අන්තරේ කැඳවුම්කරු ඇතුළු විරෝධතාකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී සිටියදී අද (28) අලුයම පොලීසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 27 දෙනා අතරින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් නදුන් හේවාවිතාරණ යන දෙදෙනා ය.

අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 25 දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කර ඇත.

සබැඳි පුවත් –