ආසියානු මැරතන් සූරතා ඉතිහාසයේ දිනූ එකම පදක්කම සඳහා වාර්තා කළ කාලයට වඩා හොඳ කාලයක් වාර්තා කළත් ශ්‍රී ලංකාවට පදක්කම් අහිමියි

Date:

නිශ්මං රණසිංහ මාර්තු 31, කොළම LNW :

චීනයේ Jiashing නගරයේ පැවත්වූ 19 ආසියානු මැරතන් ශූරතාවයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනාට මෙන්ම ක්‍රීඩිකාවන් දෙදෙනාටද පදක්කමක් ජයග්‍රහණය කිරීමට නොහැකි විය.එහෙත් පිරිමි සමස්ත තරගයේ ෙ17 වැන්නා වූ ශ්‍රී ලංකාවේ කුමාර් ෂම්මුගේස්වරන් වාර්තා කළ පැය 2:25:46 මෙන්ම 19 වැන්නා ලෙස තරගය නිමා කළ ටී.රත්නපාල වාර්තා කර පැය 2:27:07 ද ආසියානු මැරතන් සූරතා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ඇති එකම පදක්කම දිනා ඇති සරත් ප්‍රසන්න ගමගේ එම ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා කළ කාලයට වඩා හොඳ කාලයකි.


සරත් 2000 වසරේදී හත්වන ආසියානු මැරතන් සූරතාවයේදී රිදී පදක්කමට හිමිකම් කීවේ පැය 2:28:25 ක කාලයක් වාර්තා කරමින්ය.


මෙවර තරගාවලියේ පිරිමි අංශයේ පළමු තැන දිනා ගන්නට උතුරු කොරියාවේ Han Il Ryong සමත් වූ අතර ඔහු තරගය පැය 2:11:18 දී නිම කරන්නට සමත් විය.කාන්තා අංශයේ සූරිය වූයේ චීනයේ වූ බින්ග් ය.ඇයට ගත වූ කාලය වූයේ පැය 2:26.01 කි.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් මධුශානි හේරත්ට තරගය නිමා කරන්නට නොහැකි වූවාය.නිමේෂා නිදර්ශනී 14 වැන්නිය ලෙස තරගය නිම කළාය.ඇය ගත කළ කාලය පැය 2:55:03 කි.


ඡායාරූපයේ සිටින්නේ පිරිමි මැරතන් තරගය ජයගත් උතුරු කොරියාවේ හැන් ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...

G20 සමුළු විරෝධතා නිසා දකුණු අප්‍රිකානු වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...