පුංචි ජන්දේ අදට පැමිණි 53යි.අවුරුදු සංග්‍රහ සුදානම ගැනත් තොරතුරු ඇවිත්!

Date:

කොළඹ LNW:ජන්ද දායකයින්ට අල්ලස් ලබා දීමෙන් තවදුරටත් රැවටිය නොහැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පවසන්නේ අද (31) වන විට පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව පැමිණිලි 53ක් ලැබී ඇති බවයි. ඒවායින් කිහිපයක් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ලෙස ද වාර්තා වී ඇති බවයි හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

එමෙන්ම අවුරුදු සමය ඉලක්ක කරගෙන ජන්ද දායකයින්ට යම් සංග්‍රහ කිරීම් මෙන්ම ඒවාට ඇති සුදානම පිළිබඳවත් තොරතුරු වාර්තා වී ඇති අතර අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ නීතිය යටතේ වියදම් සීමාව ඉක්මවා ගියහොත් ඔවුන්ටද අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බවයි හෙට්ටිආරච්චි මහතා තවදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර පැවති නීති යටතේත් ජන්ද දායකයින්ට බලපාන ආකාරයේ අල්ලස් ලබා දීමේ හැකියාවක්ද නොමැත.

යම්කිසි ආකාරයකින් අපේක්ෂකයින් ජන්ද දායකයින්ට අල්ලස් ලබා දීමට උත්සහ කරන්නේ නම් ඔවුන් බලයට පැමිණ මහජන දේපළ කොල්ලකෑමට ඉඩ ඇති බවද ජන්ද දායකයින් සිහිතබා ගත යුතු බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...