චීනේ ඈයෝ මේ දවස් වල බලාගෙන ඉන්නවා ඇති තම පැරණි මිත්‍රයා ලංකාව දිහා මොකද වෙන්නේ කියලා.
ඇයි..?
අද වෙද්දී ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය 375 ට නැගලා.
ඊයේ මුදල් ආමාත්‍යවරයා විශාල පාපොච්ඡාරණයක් පාර්ලිමේන්තුවේදී කරනවා. විදේශ ද්‍රවශීලීතා සංචිත ඩොලර් මිලියන 50 ටත් අඩුවෙන් ලු ලංකාවට හිමි. තත්ත්වය ඉතාම බරපතලයි කියලා කිව්වා ඇහුණා.
අද දවල් නියෝජ්‍ය කතානායකධුරයට යළි තේරි පත්වූ සියඹලාගොඩ උන්නැහෙ කියනවා ලංකාව රුපියල් ට්‍රිලියන 03ක් මුද්‍රණය කළා ලු.
මොකද්ද චීණ ණය උගුල කියන්නේ? ඒක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රසිද්ධ කියමනක්. යම් රටකට ණය ආපසු ගෙවීමේ වගකීම ඉටු කිරීමට නොහැකි වන විට ආර්ථික හෝ දේශපාලන සහන ලබා ගැනීමේ අරමුණින් ණයහිමි රට ණයගැති රටකට අධික ලෙස ණය ලබා දීමයි මේ චීන ණය උගුල පිටිපස්සේ තිබෙන සෛද්ධාන්තය.
මේකට ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය කියලාත් කියනවා. නැත්තම් ඩෙට්-ට්‍රැප් ඩිප්ලොමැසි කියලා කියනවා. ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු වලදී ණය දෙන්නාගේ දේශපාලන උනන්දුව ඉහළ නැංවීම සඳහා ණය ලබා දෙන රටක් හෝ ආයතනයක් ණය ගන්නා රටකට අර්ධ හෝ පූර්ණ වශයෙන් ණය ලබා දීම දීර්ඝ කරන තත්ත්වයක් තමයි මේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය කියන එකේදී සිද්ධ වෙන්නේ.
මෙවන් ණය ලබා දීමකදී ණය කොන්දේසි බොහෝ විට ප්‍රසිද්ධියට පත්කරන්නේ නැහැ. ප්‍රතිලාභ කොහොමත් ලැබෙන්නේ ණය දෙන රටටම තමයි. එවිට ණයට ගත් මුදල් සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්කරුවන් සහ ණයහිමි රටෙන් ලබාගත් ද්‍රව්‍ය සඳහා ගෙවීමයි සිද්ධ වෙන්නේ.
ඉතිං ණයක් දෙනවා. ණය ගෙවාගන්න බැරිවෙනකොට සහන කාලයක් දෙනවා, ණය ගෙවීම වෙනුවට ණයගැති රටට ණයහිමි රටට තම රටෙන් කෑල්ලක් දෙන්න සිද්ධ වෙනවා. අනේ ඉතිං දෙනවා. දීලා තව ණයක් දෙනවා පරණ ණය පියවන්න.. ඒකත් ගෙවා ගන්න බැරිවෙන කොට තව සහන කාලයක් දෙනවා, තව කෑල්ලක් රටින් දෙනවා.. අනේ ඇස්දෙක පියාගෙන වගේ කෑල්ලක් දෙනවා.
ඉතිං චීනේ ඈයෝ කරන්නේත් ඒකම නෙව?
චීන ණයෙන් පෝට් සිටියක් කියලා එකක් හැදුවා ලාවට මතකයි… ඒකෙ ආදායමට බිංදු ගණන කෙසේ වෙතත් එකේ ඉඳන් නමය වෙනකම් ඉලක්කම් කීයක් තියනවාද?
ලංකාවේ උද්ධමනය සියයට 119 කට නැගලා කියලා හැන්ක් ගේ උද්ධමන දර්ශකයේ කියලා තිබ්බා නේද?
ග්‍රීසිය, ලෙබනනයටත් වඩා ලංකාවට කෙළවෙලා ද ඒ කියන්නේ?
මේ තියන වින්නැහියත් එක්ක චීනය ශ්‍රී ලංකාවට දුන්නු ණය ජීවිතේට පියවා ගනී ද කියන එක සැකසහිතයි!
අනේ චීනය ණය දෙන්න ගිහිං කනවා කියලා මෙහෙම පරිප්පුවක් ජීවිතේටවත් කන්න නැතුව ඇති..
ප්‍රමෝද් චින්තක පීරිස්