ඉන්ධන නිකුත් කිරීම යළිත් සීමා කරයි !

0
313

වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බව නිවේදනය කරයි.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000 ක් දක්වාත් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3000 ක් දක්වාත් මෝටර් රථ, වෑන් රථ, ජීප් රථ සඳහා රුපියල් 8000 දක්වාත් ඉන්ධන ලබා ගැනීම සීමා වේ.

බස්, ලොරි හා වෙනත් වාණිජ්‍යමය කාර්යයන් සඳහා භාවිතා කරන රථ වාහන සඳහා සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කරනු ඇත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here