ජනාධිපති අනුරගෙන් බුත්තලදී රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්!

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් අද (31) බුත්තල නගරයේදී පවතී ජන හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ට යම් අනතුරු ඇඟවීමක් සිදුකළේය.

වැටුප් වැඩිකර තිබියදීත් ඇතැම් තැන්වල රාජ්‍ය නිලධාරීන් පොඩි පොඩි දේවල් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වහාම ඒවායින් ඉවත්ව රාජකාරී කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අපරුවෙන් හොයා ගත් රැකියාව ටික දිනකින් නැතිව යනු ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

” අවුරුදු 76කට පස්සේ ආණ්ඩුවක් හදල තියෙනවා,මොනවගේ ආණ්ඩුවක්ද? මහජනයාගේ මුදල් රුපියලක් හොරකම් කරන්නේ නැති නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක්. මේ අපේ කවුරුවත්. අපේ ඇමතිවරු,මම, අපේ මන්ත්‍රීවරු කිසිකෙනෙක් මම සහතිකයක් දෙන්නම් එක රුපියලක් හොරකම් කරන්නේ නැහැ. නාස්ති කරන්නේ නැහැ. පළමු වතාවට මෙහෙම ආණ්ඩුවක් හැදිලා තියෙන්නේ. ඉස්සර රස්සාවක් ගන්නත් කීයක් හරි දෙන්න උනා.පාර හදනකොට කියක් හරි ඇමතිගේ ගෙදර. ඒ ඔක්කොම ඉවරයි. තවත් තැන තැන අපට තොරතුරු එනවා සමහර රාජ්‍ය නිලධාරී මහත්තුරු තාම පොඩි පොඩි දේවල් කරනවා කියල. අපි වැටුප් වැඩි කරලා තියෙන්නේ. පොඩි පොඩි දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. කළොත් බොහොම අමාරුවෙන් හොයාගත්ත රස්සාව ඉතා කෙටි දවසකින් නැතුව යනවා. මේ රට හදන්න ඕනේ එහෙමයි. දැන් මම දන්නවා රේගු දෙපාර්තමේන්තුවේ හතර දෙනෙක්ගේ වැඩ තහනම් කරලා ඊයේ පෙරේදා. තව දෙන්නෙක් තුන්දෙනෙක් එළියට වැටෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් මහත්තුරු ඇතුළු කීප දෙනෙක් වැඩ තහනම් කරලා එළියට වැටිලා තියෙනවා. හොඳද නරකද? හොඳයි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...