ලිට්‍රෝ සමාගමෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

මේ මොහොතේ , ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙන බව වාර්තා වේ.

තවදුරටත් ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 1,482ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 694කට අලෙවි වේ.

නමුත්, සමස්ත ලංකා අපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල වැඩි  නොවුණ ද ලාෆ් ගෑස් මිල වැඩිවීම සලකා ඉදිරියේදී ආහාර පාන මිල ගණන් ඉහළ යා හැකි බවයි.

ඔහු පැවසුවේ, එහි මූලික අදියර ලෙස කිරිපිටි මිල වැඩිවීම පමණක් සලකා අද සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...