කෙහෙළියගේ කාලේ බෙහෙත් වෙනුවට වතුර පුරවද්දී NPP ආණ්ඩුව නිසි මඟ යමින් මිලියන ගණනින් ජනතා මුදල් ඉතිරි කරයි!

Date:

කොළඹ LNW:ගිය වසරට වඩා ඖෂධ වර්ග හතරකින් රු මිලියන 1750ක් ඉතුරු කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසයි.

එය පසුගිය අයවැය විවාදයේදීද අවධානයට යොමුව තිබුණි.

මෙය ආණ්ඩුව විසින් කරන ලද මැජික් එකක් නොවන අතර නිසි ක්‍රමවේදය ඔස්සේ යාමට සැලැස්වීමෙන් එම මුදල ඉතුරු කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹ වනාතවිල්ලුවේ පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක හමුවක් අමතමිනි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව එලෙස නිසි මඟ යමින් මුදල් ඉතුරු කරන විට පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඖෂධ එන්නත් වෙනුවට වතුර පිරවීම ගැන නිල වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන බවද නජිත් ඉන්දික මහතා කියාසිටියේය.

එපමණක් නොව ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට්ටුවද නොමඟ යවන ලද කැබිනට් පත්‍රිකාව සකස් කිරීම ද සිදුකර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිගේ උපදෙස් මත බවට හෙළිදරව් වී ඇත.

ඒ අනුව පසුගිය සමයේ සිදුවූ ඖෂධ වංචාව හේතුවෙන් මෙරට පුද්ගලයින් 17කුගේ ඇස් අන්ධභාවයටද පත් වූ අතර මරණද වාර්තා විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර ‘අපරාධ හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද ඔවුන්ගේ දිනයයි: “ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය”

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) දින "ජාත්‍යන්තර...

නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...