පොලිස් වෙඩිතැබීමක්. එක් අයකුට තුවාල

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දෙදෙනෙකු කෙහෙල්බද්දර උග්ගල්බොඩ ප්‍රදේශයේ යතුරුපැදි මුර සංචාරයේ යෙදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් සතුව තිබූ රිවෝල්වර් ගිනිඅවියක් උදුරාගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙහිදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාගෙන් එක් අයකුගේ වම් පාදයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර යතුරුපැදියෙන් පැමිණි අනෙක් පුද්ගලයා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මිනුවන්ගොඩ රාජසිංහපුර පදිංචි 27 හැවිරිදි අයෙකු වන අතර අනෙක් සැකකරු උග්ගල්බොඩ, උණපඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...