කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට අනුව මෙරට අපනයන මත පනවා තිබෙන 44%ක අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් ආර්ථික කැළඹිලි සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. එම බදු පැනවීමට අදාළව මුහුණ දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන පසුබිමක ආර්ථිකයට එල්ල වුණු අභියෝගය සම්බන්ධයෙන් රජයේ පාර්ශව මෙන්ම ඊට සංවේදී සෙසු සියලුම පාර්ශව පාහේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් තිබෙනවා.ඒ අනුව මෙහිදී වෙළෙඳ පරතරය අඩුකරගැනීමේ අවශ්‍යතාවක් පවතින අතර එය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ කමිටුව විසින් තීරණයක් ගත යුතුයි.
ට්‍රම්ප්ගේ බදු ප්‍රකාශනයෙන් පසු මේ වන විට කලාපීය ආර්ථික සංවර්ධනය දෙසට අවධානය යොමුව තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ දා ගැනීම වෙනුවෙන් බොහෝ පාර්ශවපෙන්නුම් කරමින් සිටින්නේ ඉන්දියාව සමඟ ශක්තිමත් අන්‍යෝන්‍ය අවබෝධයකට යා යුතුවන බවයි. ලොව සිව් වන දැවැන්තම ආර්ථිකය හිමි කලාපීය මිතුරා මේ වන විටත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක ආර්ථිකයක් තමන් වෙත නතු කරගෙන පවතින අතර 2030 වෙද්දී ඔවුන්ගේ ඉලක්කය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10ක ආර්ථිකයක් දක්වා පුළුල් කරගැනීමයි. කෙසේවෙතත් මෙරට පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේද ණය සහ ආධාර දෙමින් ඉන්දියාව මෙරටට සහය දක්වා තිබෙනවා. මේ වන විට ජාතික ජන බලවේගයේ රජය සහ ඉන්දියානු රජය අතරද යම් අවබෝධයකින් කටයුතු කිරීම හේතුවෙන් විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර සෙසු ප්‍රධාන විපක්ෂයන් ඉන්දියාව සමඟ සුහද ගමනකට රජයට බලකරමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
ඒ අතරම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසා තිබුණේ මෙරටට එරෙහිව පනවා තිබෙන අපනයන තීරු බද්දෙන් සහනයක් ගන්නට නම් ශ්‍රී ලංකාව ඇමරිකානු ආනයන මත පනවා තිබෙන බදු ඉවත් කරගත යුතු බවයි. එමෙන්ම ඉන්දියාව සමඟ සුහද ප්‍රතිපත්තියක සිට කටයුතු කරමින් එම ආයෝජන අවස්ථා මඟනොහැර ගැනීම ගැන ඔහු දිගින් දිගටම අවධාරණය කරන ආකාරයක් ද පෙන්නුම් කළා. ගෝලීය ආර්ථික ප්‍රවණතා මෙන්ම කලාපීය ආර්ථික ප්‍රවණතා සමඟ බදු පැනවීමද රටරටවල බදු ප්‍රතිත්තියට අනුගත වෙමින් තිබෙන පසුබිමක සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට උපක්‍රමශීලි වීමට සිදුව තිබීම සැඟවීමට කරුණක් නොවෙයි. එහිදී ඉන්දියාව ප්‍රමුඛව මතු වෙන අතර සමඟි ජන බලවේගයේ ආර්ථික විශේෂඥවරයෙකු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරන්නේ මේ මොහොතේ ලංකාවට ඇති හොඳම විකල්පය ඉන්දියාව බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියව් අතර වෙළෙඳ ඒකාබද්ධතාව ඇති සඳහා අවධානය යොමුකළ යුතු බවයි. ඒ අනුව එට්කා පිළිබද නව ප්‍රවේශයකට එළඹීම සම්බන්ධයෙන් ඔහු අදහසක් ඉදිරිපත් අකර තිබෙනවා.
”මේ වෙලාවේ කලාපීය ආර්ථික ගිවිසුන්මෙඅලට එළඹෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අවශ්‍ය තරමේ ආර්ථික වර්ධනයක් ඇතිකරගන්න අපහසුයි. යුරෝපා සංගමය ගත්තොත් විශාල වශයෙන් ජාත්‍යන්තර වෙළෙන්දාම සිදුවෙන්නේ ඒ කලාපය තුළ. ආසියාන් එක ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් ඒ රටවල් අතර වෙළෙඳාම වෙනවා. ආසියාන් එකට එකතු කරලා තියෙනවානේ චීනය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය. ඒකට කියනවා ආර්සේප් කියල. ආර්සේප් එක තමයි ලෝකයේ විශාල වශයෙන් දියුණු වෙන කලාපය හැටියට පරිවර්තනය වෙමින් ඉන්නේ. අනුර ජනධිපතිතුමා කියනවා අපි ආර්සේප් එකට බැදෙන්න ඕනේ කියල. නිකන් ඉල්ලුම්පත්‍රයක් දැම්ම කියල ඒක කරන්න බැහැ.කොන්දේසි තියෙනවා. තමන්ගේ තාප්ප කඩන්න ඕනේ. පාලම් බදින්න ඕනේ. ප්‍රතිසංස්කරණ නොකර අපට බැහැ ආර්සේප් බැදෙන්නවත් බිම්ස්ටෙක් දියුණු කරන්නවත් එක්ටා එක කරන්නවත් ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ආකල්ප වෙනස් නොකර මේ රට මෙතනින් එහාට ගෙනියන්න බැහැ. මේ අවස්ථාවේ ඉදියානු අගමැතිතුමා එක්ක කතා කළ යුතු ප්‍රධානම දේ තමයි එක්ටා එක. ඉන්දියාව එක්ක අපේ ආර්ථිකය ඒකාබද්ධ අක්රගන්නේ කොහොමද? ඊළඟ අවුරුදු 10,15 20 සිද්ධ වෙන කලාපයේ දැවැන්ත ආර්ථික වර්ධනයෙන් අපි ප්‍රයෝජනය අරන් කොහොමද ඉස්සරටහ යන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. …….”
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එලෙස සිය අදහස ප්‍රකශ කර තිබෙන අතර ඒ අනුව ඇමරිකානු බදු ෂොක් එකෙන් ගැලවීමට ශ්‍රී ලංකා රජයට ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකරගැනීමට සිදුවනු ඇති.
පසුගිය 02 වැනිදා ප්‍රකාශයට පත්කළ ඇමරිකානු බදු ප්‍රක්ෂයට අනුව මේ වන විට ආසියානු වෙළෙඳපොළ තුළ පසුබෑමක් පෙන්නුම් කරමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් කඩා වැටී ඇති ආකරයක් හඳුනා ගත හැකියි.

Nikkei 225 (Japan) -6.5%
Hang Seng (Hong Kong) -10.6%
Shanghai Composite (mainland China) -6.4%
ASX 200 (Australia) -3.8%
Kospi (South Korea) -5.2%
Taiex (Taiwan) -9.7%
STI (Singapore) -7.5%
Nifty 50 (India) -4.0%
Sensex (India) -3.7% ලෙස කොටස් වෙළෙඳපොළවල පහත වැටී තිබෙනවා.
ගෝලීයව බලපා තිබෙන මෙම ඇමරිකානු බදු පැනවීම ගැන ජපානයේ ආර්ථික විශේෂඥයෙක් වන නීල් නිව්මන් පවසා තිබෙන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් ඉදිරියේදී යථාතත්ත්වයට පත්වනු ඇතත් නව වෙළඳ සබඳතා නිරාකරණය කරන තුරු මෙම අවපාතය ගෝලීය වශයෙන් බලපෑම් සහගත වනු ඇති බවයි. ඒ අනුව සැපයුම් දාමයන්හි වෙනසක් කරගැනීමට සිදුවනු ඇති. මේ අතර කාලයක තිස්සේ අඩපණ වී තිබූ ජපන්, චීන සහ දකුණු කොරියානු අතර ජාත්‍යන්තර වෙළෙඳාම ගැනද යළි සාකච්ජා අත්රම්භ වී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව කලාපීය වශයෙන් නව වෙළෙඳපොළවල් උත්තේජනය කිරීම ගැන ගෝලීය අවධානය යොමුව තිබෙන බවක් තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ.
ගෝලීයව වශයෙන් ආර්ථික අසමතුලිත බවක් ඇතිකිරීම ගැන ඇමරිකාවට චෝදනා එල්ල කළද නීල් නිව්මන් පවසන පරිදි අවධානයට ගත යුතු කරුණක් වන්නේ ”ඇමරිකාව ඉතා වැදගත් වෙළඳපොළක්, නමුත් එය ලෝකයේ එකම වෙළඳපොළ නොවේ.” යන්නයි. ගෝලීයව ඩොලරයේ ගණුදෙනු පහත වැටෙමින් ඇමරිකා ආධිපත්‍ය සෙලවීමකට ලක්ව තිබෙන යුගයක ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාව ප්‍රතිගෝලීයකරණය දෙසට තවදුරටත් ඇදගෙන යමින් තිබෙන බවට ඇමරිකානු සමාජය වෙතින්ද චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මෙම සියලු තත්ත්වයන් හමුවේ දැඩි අවධානමකට ලක්ව තිබෙන්නේ අප වැනි කුඩා ආර්ථිකයන්. එහෙයින් ප්‍රතිපත්තිමය වෙනස්කම් කරමින් කලාපය මෙන්ම කලාපයෙන් ඔබ්බට ජාත්‍යන්තර වෙළඳාම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අන්‍යෝන්‍ය සබඳතා ස්ථාවර කර ගැනීමට සිදුවෙනවා. ඒ සඳහා වන උපාය උපක්‍රම විශේෂඥභාවය සහිත කණ්ඩායම් වෙතින් රටට ඉදිරිපත් විය යුතු වන අතර පවතින තත්ත්වය මත නම් සංවෘත සීමාවන් තවදුරටත් වලංගු නොවනු ඇති.
ආශිකා බ්‍රාහ්මණ
