මලල ක්‍රීඩාවේ ලකී ලකුණ අද ජනගත වෙයි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 08 කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට බෙහෙවින් බලපෑම් ඇති කළ කණගාටුදායක සිඳුවීමක් මීට වසර 17ට පෙර 2008 අප්‍රේල් 8 දා වැලිවේරියේදී සිඳු විය.එවකට අමාත්‍යවරයෙකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු මලල ක්‍රීඩාවට සම්බන්ධ විශාල දක්ෂයන් පිරිසකට ජීවිත අහිමි කළ බෝම්බ ප්‍රහාරය සිඳුව වසර 17 ට පසුව යළි ඒ සිඳුවීම මතකයට නැඟෙන සංවේගජනක මෙන්ම ක්‍රීඩාවට අත්‍යශ්‍යය, හැදෑරිය යුතු ඉතිහාසයක් ජනගත වෙන අපූරු මොහොතක් අදට යෙදී තිබෙනවා.

හිටපු ජාතික ක්‍රීඩා මලල පුහුණුකරුවෙකු මෙන්ම ශ්‍රී ලක් මලල ක්‍රීඩා සමාජය නිර්මාණය කිරීමෙහිලා විශාල කාර්ය භාරයක් සිඳු කළ ලක්ෂ්මන් ද අල්විස් ගේ ජිවිතය අකුරු අතරට ගෙන සමාජ ගත කිරීම ඒ අනුව අදට යෙදී තිබෙනවා.සිය මලල ක්‍රීඩා ජීවිතයට ගුරුහරුකම් දුන් පුහුණුකරුවා වන ලක්ෂ්මන් ද අල්විස් ගේ ජීවන මතක සටහන් මලල ක්‍රීඩාව හරහා ඇඳෙන අකුරු සිත්තමක් බවට පත් කරන්නේ සමන් කුමාර ගුණවර්ධනයි.

කාලයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වාර්තාකරු ලෙස කටයුතු කළ,වර්ථමානයේ එහි ලෙක්ම් ධූරය දරන සමන් කුමාර ගුණවර්ධන ක්‍රීඩාවට ඔබ්බෙන් වන කලා කේෂ්ත්‍රෙය් රස මතක ගබඩාවක්ද වෙනවා.සිංහල සිනමාව සහ ගීතය මෙන්ම හින්දි ගිත සහ සිනමා පුරාණය සම්බන්ධයෙන් ද ගොනු වූ මතක ගබඩාවක හිමිකරුවෙකු වන සමන් සිය මලල ක්‍රීඩා ගුරුවරයා ගැන මතකය අවදි කරන “මලල ක්‍රීඩාවේ ලකී ලකුණ“ අද (අප්‍රේල් 8) පස්වරු 3.30 ට ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...