සුසිල්ගෙන් සජබෙට චරිත සහතිකයක් – තවත් දේශපාලන කරණමක්ද ?

Date:

ඊයේ දිනයේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව තහවුරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය උපක්‍රමශීලී ලෙස එම අවදානමෙන් ගැලවුණු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කළේ විපක්ෂයේ බහුතරයේ එකඟතාවයකින් බවත්, කෙසේ නමුත් ආණ්ඩු පාර්ශ්වයද සියඹලාපිටිය මහතාට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කිරීම හරහා සියල්ල උඩු යටිකුරු වූ බවත් ඔහු සඳහන් කරනවා. එම අවස්ථාවේදී සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද සමගි ජන බලවේගයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොතිබූ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

පොදුජන පෙරමුණ සියඹලාපිටිය මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා සමගි ජන බලවේගයටද ආණ්ඩුව සමග එක්ව සියඹලාපිටිය මහතාට සහාය දැක්විය නොහැකි බවද ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම තත්වය අද ඉතා සරළ ලෙස පැහැදිලි කළ බවත්, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකයාට ස්තුතිවන්ත වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම දේශපාලන යථාර්ථය තේරුම් නොගෙන රටේ දේශපාලනය කළ නොහැකි බවද ඔහු පවසනවා.

කෙසේ නමුත් ශ්‍රීලනිපය මෙන්ම පක්ෂ 10 කණ්ඩායමද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට චෝදනා කරමින් කියා සිටියේ සජබය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හරහා නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීම සම්බන්ධයෙන් ඇතිකර ගත් එකඟතාවය සම්පූර්ණයෙන් කඩකළ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...