රනිල්ගේ ලෝකය!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික ජනාධිපතිවරුන් සමග සාකච්ඡාවක් සූදානම් කර තිබුණේ දින කිහිපයකට පෙරය. නමුත් මෛත්‍රීපාල සිරිසේන ට සී.අයි. ඩියෙන් කැඳවීමක් ලැබී තිබුණු නිසා එදින රැස්වීම නොපැවැත් වුණු බවත් පසුව එය පවත් වන බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ. මෙම සාකච්ඡා වේ අරමුණ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බදු සුනාමිය පිළිබඳව සාකච්ඡා කිරීමටලු.

මෙහි හාස්‍ය උත්පාදක හා උත්ප්‍රාසවත් කරුණ නම් බදු සුනාමිය පිළිබඳව රජය සමග සාකච්ඡා නොකර මේ අන්දමින් කටුකුටු ගාන්නේ අහවල් ගායකටද කියාය. සාකච්ඡාව අවංකවම සිදු කරන්නක් නම් ඔය තරම් තෙපරගාන්නේ නැතුව රජය දැනුවත් කර සාකච්ඡාවක් ලබා ගෙන කරුණු කාරණා ඉදිරිපත් කළ හැකිය. නමුත් මෙම කට්ටි ගැසීම යට මොකක් දෝ සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇතිය යන්න ය මගේ අදහස. විපක්ෂ නායකවරයා හිටපු ජනාධිපතිවරයකු නොවන නිසා ඔහුව පහසුවෙන්ම ඉවත් කර ඇති. මහින්ද රාජපක්ෂ සාකච්ඡාවට සහභාගි කර ගැනීම එක් අයකුගේ දැඩි විරෝධය මත ඉවත දමා ඇති අතර රනිල් ඔහු සමඟ වෙනම සාකච්ඡා කරන බවටද පුවත් පලවී ඇත.

එම නිසා මෙය අවංකව සිදු කරන්නක් නොවන බව නම් විශ්වාසය. ඇත්තටම මේ අය මේ අරඅඳින්නේ ජනාධිපතිවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා නව සටන් පෙරමුණක් ඇති කර ගැනීමද, එසේ නැත්නම් රනිල්ගේ දේශපාලනය යළි සවිබල ගැන් වීමද යන්න විශ්වාස නැත.

කෙසේ වුවත් මගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ තවමත් සැරිසරන්නේ සිහින ලෝකයක බවය. සමහර විටෙක ගෝඨාට වූ හදිය අනුරටත් වී ජනාධිපති කම තම ඔඩොක්කුවට වැටේ යැයි සිතා සිටිනවාද වියහැක.

රනිල් රට ආර්ථික වශයෙන් අගාධයට වැටුණු අවස්ථා වේ රට ඉන් ගොඩගැනීමට විශාල කාර්ය භාරයක් සිදු කළ බව අවිවාදිතය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කේන්දරය පාළුවී ඇති නිසා දෝ ඔහුට ගත් බලය රැක ගැනීමට හෝ යළි මහජන ඡන්දයෙන් බලයට පත්වීමෙි හෝ වාසනාවක් නැත. 2015 දී පවා තත්ත්වය එසේම විය.

මෙය ඔහු සංස්කෘතික වශයෙන් මේ රටේ බහුතර ජනතාවට නොපෑහෙන කමක් නිසා සිදුවන්නක් ද විය හැකි. එම නිසාය එතුමාට හැමදාම ජාතිහිතෛෂි හොරු කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවකු වශයෙන් හිඳීමට සිදුව ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...