අතීතයේ පොහොසත්කම:අලුතෙන් ලියවෙන ඊජිප්තු ඉතිහාසය

Date:

කොළඹ LNW:ලෝක ඉතිහාසය තුළ ඊජිප්තුවේ පුරාණ සොහොන් භූමි කියන්නේ වෙනම සංස්කෘතියක්. විටින් විට හමුවන පැරණි සොහොන් භූමි හේතුවෙන් ඊජිප්තුවේ මේ ඉතිහාසයට අලුත් පිටු එකතු වෙනවා. එක පැත්තකින් පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්න මේ සොහොන් භූමිවල ඉතිහාස කතා පුවත් අභිරහස්. ඒ වුණත් මේ පුරාණ සොහොන් භූමි පස්සේ හඹා යන එක නම් මේ වැඩෙත් එක්ක ඉන්න පුරාවිද්‍යාඥයෝ අතහරින්නේ නැහැ. මේ විදිහට පසුගිය ජනවාරි මාසයේදීත් ඊජිප්තුවෙන් පුරාණ සොහොන් භුමියක් සොයාගෙන තිබෙනවා. එහි අලගිය මුලගිය තැන් නම් තවමත් සහසුද්දෙන්ම අභිරහසක් බව තමයි වැඩෙත් එක්ක ඉන්න පුරාවිද්‍යාඥයෝ පවසලා තියෙන්නේ.

අලුතින් සොයාගන්නා ලද මේ සොහොන් භූමිය වසර 3600කට පෙර පාලනයක රාජකීය සළකුණු පෙන්නුම් කර ඇති බව තමයි කියන්නේ. පසුගිය ජනවාරියේ ඊජිප්තුවේ ඇබිඩෝස් හි කරන ලද කැණීම් වලදී බහු කාමර සහ අලංකාර පිවිසුම් මාර්ගයක් සහිත දැවැන්ත හුණුගල් සුසාන කුටිය සොයා ගෙන ඇති බව තමයි වාර්තා වෙන්නේ. එය ඉතාම අලංකාර ලෙස සකස් කර තිබී ඇති බවට එම නටඹුන් ඔස්සේ තහවුරු කරගෙන ඇතත් එය කුමන රජකෙනෙකුට හෝ පරිවාර නිලධාරියෙක්ට අයත්ද යන්න නම් තහවුරු කරගැනීමට හැකි වෙලා නැහැ. මොකද සොහොන් කොල්ලකරුවන් පිවිසුම් මාර්ගයේ ගඩොල් මත පින්තාරු කරන ලද හයිරොග්ලිෆික් පාඨයට හානි කර ඇති නිසා බවට තමයි පුරාවිද්‍යාඥයින් පවසලා තියෙන්නේ. ඒ අනුව එහි නම කියවිය නොහැකි ලෙස හානි වී ඇති බව එම පර්යේෂණ සිදුකරන පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ පෙන් කෞතුකාගාරය විසින් මාර්තු 27 වන දින නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආකර්ෂණීය සොහොනෙහි හිමිකරු හඳුනා ගැනීමට උපකාරී වන අස්ථි කොටස් හෝ හමු වී නැති නමුත් කෙසේ වෙතත්, සොයා ගැනීම සිදු කළ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය පුරාණ ඊජිප්තුවේ අවම වශයෙන් තේරුම් ගත් රාජවංශවලින් එකක් වන ඇබිඩෝස් රාජවංශයේ කොටසක් ලෙස ක්‍රි.පූ. 1640 සහ 1540 අතර දෙවන අතරමැදි යුගයේදී ඉහළ ඊජිප්තුව පාලනය කළ රජෙකුගේ විවේක ස්ථානය විය හැකි බවයි. මෙම අභිරහස් රජු, කලක් කලාපය පාලනය කළ රජවරුන්ගේ සාම්ප්‍රදායික වාර්තාවලින් කුප්‍රකට ලෙස අතුරුදහන් වූ කිහිප දෙනෙකුගෙන් කෙනෙකු විය හැකි බවටයි විශ්වාසය පළකර තිබෙන්නේ.

“එය ඊජිප්තුවේ පුරාණ වාර්තාවලින් මූලික වශයෙන් අමතක වී ඇති බව පෙනෙන ඉතා අභිරහස් රාජවංශයකි. මන්ද එය දේශපාලනික පරිහානිය හා ඛණ්ඩනය වීමේ මෙම කාල පරිච්ඡේදයේ පැවති බැවිනි,” කැණීම් මෙහෙයවූ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ඊජිප්තු විද්‍යාඥයෙකු සහ ඊජිප්තු පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වන ජෝසෆ් වෙග්නර් පවසන්නේ එහෙම.

කෙසේවෙතත් මෙම අභිරහස් සොහොන (අබිඩෝස් රාජවංශයට) නව ආකාරයේ විමර්ශන මාර්ගයක් විවෘත කර තිබෙන බවට විශේෂඥ මතය ගොඩනැගී තිබෙනවා.

අලුතින් සොයාගත් සොහොන ගෘහ නිර්මාණ ශිල්පයෙන් හා සැරසිලිවලින් සමාන නමුත් සෙනෙබ්-කේගේ සොහොනට වඩා බොහෝ විශාලයි. කාමර තුනකින් යුත් ගුහාවේ ප්‍රධාන මැදිරිය මීටර් 1.9 (අඩි 6.2) පමණ පළල සහ මීටර් 6 (අඩි 19.7) දිගයි. පර්යේෂකයන් විශ්වාස කරන පරිදි, එය කලින් ස්ථාපිත කරන ලද නෙක්‍රොපොලිස් කොටසක සොහොන ඉදිකර ඇති බැවින්, එහි වළලනු ලැබූ ධනවත් රජු සෙනෙබ්-කේගේ පූර්වගාමියෙකු විය හැකියි.

මේ අතර මෙම සොහොන අබිඩෝස් හි කැපවූ ස්මාරකයක කොටසක් ලෙස පවතින රාජවංශයේ විරල පුරාවිද්‍යාත්මක වාර්තාවේ නියෝජනය වන රජවරුන් දෙදෙනෙකු වන සෙනයිබ් රජුට හෝ පේන්ට්ජෙනි රජුට අයත් විය හැකි බවටද විද්‍යාඥයින් සැක පළකර තිබෙනවා.

“සම්පූර්ණයෙන්ම නොදන්නා රජෙකු සිටිය හැකි බවටද ඒ හා සමානව හැකියාවක් ඇත,” පෙන් කෞතුකාගාරයේ ඊජිප්තු අංශයේ භාරකරු වන වෙග්නර් තවදුරටත් කියන්නේ එහෙම.

“අපි හිතන්නේ නැහැ අපි හැමෝටම (අබිඩෝස් රජවරුන්ගේ) නම් තියෙනවා කියලා. සාක්ෂි ඒ සඳහා ස්ථිරවම ආරක්ෂා වෙලා නැහැ.”

අලුතින් සොයා ගත් සුසාන කුටියේ හිටපු පදිංචිකරුවා හඳුනා ගැනීමට උපකාරී වන කිසිදු සලකුණක් නොමැතිවුවද සොහොන් ගෙය තුළ තවමත් අයිසිස් සහ නෙෆ්තිස් දෙවඟනන්ගේ පින්තාරු කරන ලද රූප දෙකක් ඇති අතර එය ඇත්තේ සාමාන්‍යයෙන් අවමංගල්‍ය චාරිත්‍රවල නිරූපණය කර ඇති අන්දමට මියගිය අය ගැන වැලපෙන අයුරින් බවද පුරාවිද්‍යාඥ වෙග්නර් පවසනවා.

ඊජිප්තු ඉතිහාසය හාරා අවුස්සමින් යන ගමනේ තවත් සොහොන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ කාන්තාර භූමි ප්‍රදේශයෙන් වර්ග මීටර් 10,000 ක් (වර්ග අඩි 100,000 ට වැඩි) පමණ ගවේෂණය කිරීමට පර්යේෂකයන් සැලසුම් කර ඇති බවත් වෙග්නර් පවසනවා.

ඔහු පවසන්නේ මෙම රජවරුන්ගේ කණ්ඩායම සෑදෙන රජවරුන් 12 ක් හෝ 15 ක් තවත් සිටිය හැකිය යන්නයි.

“අබිඩෝස් රාජවංශයේ තවත් පාලකයෙකුගේ සොයා ගැනීම ඉතා උද්යෝගිමත්ය” යනුවෙන් මේ ඉතිහාසයේ තවත් පරිච්ජේදයක් සොයා ගැනීම ගැන කයිරෝවේ ඇමරිකානු විශ්ව විද්‍යාලයේ ඊජිප්තු විද්‍යාව පිළිබඳ කීර්තිමත් විශ්ව විද්‍යාල මහාචාර්ය සලිමා ඉක්‍රම් ද සටහනක් තබා තිබෙනවා.

ඊජිප්තු ඉතිහාසය ඔවුන්ට ඒ තරමටම සුවිශේෂියි. ඔහු පවසන්නේ ඉතිහාසය කොතරම් පොහොසත්ද යන්න මේ හමුවීම් තුළින් පසක් වෙන බවයි.

කෙසේවෙතත් පුරාවිද්‍යාඥ වෙග්නර් නම් බලාපොරොත්තු තබාගෙන ඉන්නේ තමන් ඇතුළු පර්යේෂකයින් විසින් සොයා ගත් ආකර්ශනීය සොහොනේ කාල රාමුව නිර්ණය කර ගැනීමට මෙන්ම එහි හිමිකරු ගැන සලකුණක් හෝ සොයා ගැනීමට ඉදිරියේදී අවස්ථාවක් ලැබෙනු ඇති බවටයි. එතෙක් ඔවුන් තවදුරටත් ඊජිප්තු ඉතිහාසය හාරා අවුස්සන්නට සූදානමින් සිටින අතර ලෝක ඉතිහාසයේ විචිත්‍ර තැන් ඇදහිය නොහැකි තැන් ඔවුන් හඹා යනු ඇති.

මූලාශ්‍රය :CNN

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...