දැන් අහගන්න. වෙලාව ආවම අපේ හයිය පෙන්වන්නම් – නාමල්ගෙන් ආණ්ඩුවට සද්දයක්!

Date:

කොළඹ LNW: ”අපි අපේ හයිය වෙලාව ආවම පෙන්වන්නම්. දැන් ඔබතුමන්ලා ඔබේ හයිය ජනතාවට පෙන්වන්න” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට අභියෝග කරමින් පැවසුවේය.

ඇමරිකානු තීරු බද්දට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පියවර ගත යුතු ආකාරය ගැන පැහැදිලි කරමිනුයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇමරිකානු ආනයන මත පනවා ඇති බද්ද අඩුකරගැනීමට අනිවාර්යයෙන් සිදුවන බවයි එහිදී ඔහු සඳහන් කළේ.

”ඔබතුමන්ලා එක අතකින් වාසනාවන්ත වෙන්න ඕනේ අපේ දේශපාලන බලවේග මේ කර්මාන්තශාලා වස්සන තැනට යන්නේ නැති හින්දා. එහෙම නැත්නම් අපි වෘත්තීය සමිති ව්‍යාපාර පාවිච්චි කරලා උසිගන්වලා මේවා අරගල බවට පරිවර්තනය කරන්න අපි සූදානම් නැති වීම පිළිබඳ ඔබතුමන්ලා සතුටු වෙන්න ඕනේ. ඔබතුමන්ලා වාසනාවන්තයි ඒ අතින්. අපි ඒ දේශපාලනය කරන්නේ නැහැ ගරු සභාපතිතුමිය. අපේ හයිය ගැන තර්ක කරන්න යන්න එපා. පෙන්නපු දවසට බලාගන්න. වෙලාව අවම අපි පෙන්වන්නම්. දැන් අහගන්නකෝ. වෙලාව ආවම අපේ හයිය බලාගන්න. හැබැයි දැන් ඔබතුමන්ලාගේ හයිය පෙන්වන්න මේ රටේ ජනතාවට. 158ක් 159ක් මේකේ වාඩි කරගෙන ඉන්න එකේ ඇමරිකාව කොච්චර බදු ගැහුවත් අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න පුළුවන් කියන හයිය පෙන්වන්න. අපි ඒකට උදව් කරන්නම්. දැන් ඔබතුමන්ලා කෙඳිරිගාන එක නතරකරලා හයිය පෙන්වන වෙලාව. ඒක පෙන්වන්න.” යනුවෙන් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...