සජබ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීමත් නොතකා පාර්ලිමේන්තුව 17ට කල් දමයි

0
1237

පාර්ලිමේන්තුව මැයි 17 වනදා දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හා ඉල්ලීම් නොතකා හරිමිනි.

රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ පාර්ලිමේන්තුව ලබන සතියේත් කැඳවා විශ්වාසභංග යෝජනාව විවාදයට සහ ඡන්දයට ගැනීමට ඉඩ ලබාදෙන ලෙස සජබ මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ නිල කාමරයටම ගොස් දීර්ඝ වශයෙන් ඉල්ලා සිටි නමුත් කථානායකවරයා ඊට එකඟ වී නොමැත.

RN