ගම්පහ නගරයේත් වෙඩිතැබීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ නගරයේ මාර්ග අංක 200 පොදු බස්නැවතුම්පොල අසලදී ඊයේ (අප්‍රේල් 15) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ස්ථානයේ ධාවනය වෙමින් පැවති කුඩා ලොරි රථයකට වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී අදාළ කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයෙන් බැස අසල තිබූ වෙළඳසැලකට දිවගොස් ඇති අතර ඔවුන්ට වෙඩිතැබීමෙන් තුවාල සිදුව නොමැත.

වෙඩි වැදීමෙන් වාහනයට පමණක් අලාභ සිදුව ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...