ගම්පහ නගරයේත් වෙඩිතැබීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ නගරයේ මාර්ග අංක 200 පොදු බස්නැවතුම්පොල අසලදී ඊයේ (අප්‍රේල් 15) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ස්ථානයේ ධාවනය වෙමින් පැවති කුඩා ලොරි රථයකට වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී අදාළ කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයෙන් බැස අසල තිබූ වෙළඳසැලකට දිවගොස් ඇති අතර ඔවුන්ට වෙඩිතැබීමෙන් තුවාල සිදුව නොමැත.

වෙඩි වැදීමෙන් වාහනයට පමණක් අලාභ සිදුව ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...