“සිරි දළදා වන්දනාව”ට කි.මී.08කට වඩා දිගු පෝළිමක්!

Date:

රෂිකා හෙන්නායක

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ඊයේ ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත් පැවැත්වෙන අතර, අද දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනු ඇති.

ඊයේ (18) දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබූ අතර, අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ රාත්‍රිය පහන් කරමින් දිගු පෝළිම්වල රැඳී සිටි බව පැවසේ.

මේ අතර අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් ඊයේ දිනයේදී මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් කලින් සැලසුම් කළ ඇතැම් කටයුතු වෙනස් කිරීමට සිදු වූ බවයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවේ. 

මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවේ, දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් මහනුවර මහනගර සභාව විසින් සැලසූ පහසුකම්වලට අමතරව ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම මුස්ලිම් දේවාස්ථානද සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කළ බවයි.

මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා වූ අතර, එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් තිබූ බව පැවසේ.

පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී තිබූ බවද වාර්තා වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...