*
Tuesday, April 22, 2025
spot_img

Latest Posts

ට්‍රම්ප්ගේ සංක්‍රාන්තිකයන් සම්බන්ධ විරෝධයට ඇමෙරිකානු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් පරිපාලනද එකඟ නැත.

නිශ්මං රණසිංහ අප්‍රේල් 21 කොළඹ LNW :

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මේ වන විට ඇමෙරිකානු ජනතාව හරහාම දැඩි විරෝධයක් මතුව නැඟ එමින් ඇත.ඒ අතරට 2028 පැවත්වීමට නියමිත ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට අදාළ ප්‍රකාශවලදී ට්‍රම්ප් සංක්‍රාන්ති ලිංගිකත්වය සම්බන්ධයෙන් දරණ විවාදාත්මක මතය ඇමෙරිකානු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් කමිටුව පිළි නොගන්නා බව ප්‍රකාශ වෙමින් ඇත.සිය මතයම ජයග්‍රහණය කරවීම අරමුණු කර ගනිමින් වැඩ කරන ට්‍රම්ප්ට මෙහිදී ලෝක සම්මේලන සහ සංගම්වල එකඟතාවය පිළි නොගතහොත් එය ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් වන ලෝකයම ඇමෙරිකාවට විරෝධය පෑමක් දක්වා වර්ධනය විය හැකිය.

ඇමෙරිකානු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරන එහි ප්‍රධාන විධායක නිලධාරී සාරා හර්ෂ්ලන්ඩ් පවසන්නේ ට්‍රම්ප්ගේ ස්ථාවරයේ සිටීම සුදුසු නැති බවය.

“එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව අපගේ අධිකරණ බලයෙන් ඔබ්බට ගිය ඉසව් සඳහා සුදුසුකම් නිර්ණායක සකසා නොමැති බව පැහැදිලි කිරීම වැදගත්” යැයි හර්ෂ්ලන්ඩ් පවසා ඇත.

” ලෝක කුසලාන සහ ලෝක ශූරතා වැනි ඉසව් සඳහා සුදුසුකම් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මට්ටමින් අදාළ ජාත්‍යන්තර සම්මේලන විසින් තීරණය කරනු ලැබේ. ඒ නිසා අපට එවැනි ස්ථාවරයක් අනුගමනය කිරීම සුදුසු නොවනු ඇත.”
ජාත්‍යන්තර සම්මේලන මේ සංක්‍රාන්තිභාවයට දී ඇති වලංගුතාවයන් පදනම් කරගෙන කටයුතු කිරීමේ වැදගත්කමත් උවමනාවත්,එහි ඇති ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් කෙරෙහි බැඳි අනන්‍යතාවයත් සිහිපත් කරමින් සාරා පවසන මේ කතාව ඉදිරියේදී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ලෝකයේ සියල්ල තමන්ගේ අභිමතය සහ රුචිකත්වය මත සිඳුවිය යුතු බව සිතා කටයුතු කරන ට්‍රම්ප්ගේ අදහස් සමඟ විශාල ගැටුමකට ඉඩ සකසනු ඇත.

මේ මානසිකත්වයේම කටයුතු කරපු රුසියාවේ පුටින්ගේ උද්ධච්චකම නිසා රුසියානු ධජය හෝ නොමැති ඔලිම්පික් උළෙලවල් ගණනාවක් නිමා වී ඇති අතර ඇතැම් විටෙක මේ තත්ත්වය මත ඇමෙරිකාවට ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල නොව ඔලිම්පික් උළෙලක ධජය ප්‍රදර්ශනය වීම ද අහිමි විය හැකි තත්ත්වයක් උද්ගත විය හැකිය.ඒ නිසා ඇමෙරිකානු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් පරිපාලන ගනු ලබන මෙම තීරණය ට්‍රම්ප්ගේ උද්ධච්ඡකමට වඩා ඇමෙරිකානු ක්‍රීඩා ආධිපත්‍යයට වැදගත් වනු සැක නැත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan