නිශ්මං රණසිංහ අප්‍රේල් 23 කොළඹ LNW :
දැන් ලංකාවේ රගර් කතාව ආසියාවේ දෙවැනියාව, 2027 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම දක්වා ගමන් කරනු ඇතැයි සිතන ප්‍රශස්ත බලාපොරොත්තුවක ඉහළටම ගිහිල්ලා.මේ සුදුසුකම ලෝක වර්ගීකරණයේ ඉදිරි පෙළක සිටිම නිසා එම තේරිම සඳහා සටන් වදින්නට ලැබීමෙන් ලද අවස්ථාවක් යන්න පිළිගත යුතු ඇත්තකි.ආසියාකරේ තරග වැදෙන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණානම් සමහර විට මීට පෙර මේ අවස්ථාවඋරගා බලන්න ඉඩ ලැබෙන්න තිබුණා.පසුගිය කාලයේම ආසියාව ශ්‍රී ලංකාවට තරග පිටියට පිවිසෙන්න ඇති පාරවල් වැහීම බරපතල විදිහට කරගෙන ගියා.ආසියානු තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහභාගි වෙන්න සිඳු වුණේ ආසියානු ඔලිම්පික් විසින් යම් ආකාරයක තර්ජනාත්මකව ඇමතීමෙන් පසුවයි.ඉන් පසුව ඒ වන විට සකස් කර තිබුණු තරග කාල සටහන් වෙනස් කර ඒවා සකස් කර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇති කණ්ඩායම ඇතුළත් කරන්නට ආසියානු පරිපාලනයට සිඳු වුණා.
එවැනි බලපෑම් මත ලංකාවේ රගර් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ජාතික කණ්ඩායමට නොමිලේ හලපු දහඩියෙන් ලද එම ජයග්‍රහණයෙන් පසුව අප්‍රේල් 14 වන ලෝක ශ්‍රේණිගත කිරීම්වල තිබුණ අංක 40 තත්ත්වය වෙනස් වෙලා.මැලේසියාවට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව අප්‍රේල් 21 දා සිඳු වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලදී 39 වන තැනට පැමිණ තිබෙනවා.එම ජයග්‍රහණය, ඉහත සියලු බලපෑම් අස්සෙ ලංකාවේ රගර් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඒ කුණු ගොඩවල් වෙනුවට රටට ජය ගෙන දිමේ අභිලාෂයෙන් අතින් වියදම් දරාගෙන කරපු කැපවීම නිසයි.
මුලින්ම සඳහන් කළ පළිගැනීමේ අදහස සහ විරෝධය පිටුපස ලංකාවෙ රගර්වලට අයහපත් අත්දැකීම් එකතු කරපු මිනිස්සුන්ට, ලංකාවෙන් ඒ කරපු වැරදිවලට දඩුවම් නොදිම නිසා ආසියාවෙ ලොක්කො එක්ක ගනුදෙනු කරන්න ලැබීමේ ආදීනව තියෙනවා.නිකමට හිතල බලන්න ලංකාව අපිකීර්තියට පත් කරලා පවුම් 50000 ක දඩයක් රටට ගෙවන්න වෙච්චි සහ ඒ දඩය ලංකාවෙ රගර් උන්නතියට හම්බවෙන මුදල්වලින් වාර්ශිකව ගෙවා දාන්න තීරණය කරපු මිනිස්සු රටට සහ රටේ ක්‍රීඩාවට ආදරේ ඇද්ද? වියදම් වුණේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරි මිලියන 55 ක මුදලකින් ලංකාවෙ රගර් ණය කරපු මිනිස්සු රගර්වලට ආදරේ ඇද්ද? එතකොට ආසියානු සභාපතිවරයා පත්වෙන වෙලාවෙ ලංකාවට උදව්ත් අරගෙන ඒ මනුස්සයට ලංකාවෙ ඡන්දෙ නොදුන්න නිසා ලංකාව එක්ක තියෙන තරහ පිරිමහන්න උඩින් සඳහන් කරපු මිනිස්සු තෝරා ගැනීම ගැන අපි කොච්චර කිව්වත්,ලංකාවෙ වත්මන් දේශපාලනය, ඉහත අශුද්ධ ලංකාවට හිතකර නොවන සංධානය එක්කම එක රෑනක් විදිහට වැඩ කරන හැටි තමයි පේන්න තියෙන්නෙ.
ආසියාවෙ සභාපති ලංකාවෙ රගර් ව්‍යවස්ථාව වෙනස් කරලා A කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට වැඩි බලයක් අයිති වෙන විදිහට වැඩ නොකළොත් රගර් තහනම් කරනවා කියනවා.අපේ රටේ ආණ්ඩුවෙ නිලධාරියාගේ ඉදලා දේශපාලකයා දක්වා මේ කතාව ඉහ මුදුණෙන් පිළිගෙන ලංකාවෙ නීතියවත් මායිම් නොකර ආසියාවෙ සභාපතිට එහෙයි කියනවා.ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. දැන් මේ කියන ක්‍රීඩා සමාජ තරග සඳහා දක්වන වියදම් ආදිය ආර්ථික වශයෙන් තක්සේරු කරලා තමයි ආසියානු සභාපතිවරයා මේ A ක්‍රිඩා සමාජ සම්බන්ධ තර්කය ගොඩ නඟන්නෙ.ලංකාවෙ බලධාරින් ඊට පිළිතුරු විදිහට A ක්‍රීඩා සමාජ ආර්ථික වශයෙන් උපයන්න රජයේ බදු සහන යටතේම ලබා ගෙන ඇති දේපළ සහ මත්පැන් විකිණීමේ බලපත්‍ර ආදිය පෙන්වා දෙන්නේ නැද්ද? ඔවුන්ට A ක්‍රීඩා සමාජ ලෙස නැඟී සිටීමට හැකි ආර්ථික ශක්තිය පොම්ප කිරීමට රජයෙන් මේ වන විටත් දැවන්ත පරිසරයක් සකස් කර දී ඇති බව කියන්නට බැරි ඇයි?
විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික දේශපාලනික පළපුරුද්දක් තියෙනවනම් ආසියානු සභාපතිවරයා මේ කරන බලපෑම රටක නීතිය අනුව ස්ථාපිත යම් ව්‍යවස්ථාපිත සංවිධාන ව්‍යහුයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමේ වෑයමක් බව තේරුම් ගත යුතුය.ඒ මරණය වැළක්වීම වෙනුවට ඝාතකයාට කඩුව මැද අතට දීමේ නිලධාරීත්වය සහ දේශපාලක භූමිකාව ක්‍රීඩාවට සීමා නොවුණු රටක නොදැකිය යුතු අප්‍රසන්න අත්දැකීමක් නොවේද?
ලංකාවේ A ක්‍රීඩා සමාජ සුවිශේෂී විශාල ස්ථාවරයක සිටින බව සහ අනිත් ක්‍රීඩා සමාජවලට එම තත්ත්වයට නැඟෙන්නට අභියෝග කරන්නට නොහැකි අන්දමේ තත්ත්වයක් ඔවුන්ට ලැබී ඇති වරප්‍රසාද සහ ආර්ථික බදු ඔස්සේ නඟාගෙන තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධ කිරා මැන බැලීමකින් අවබෝධ කර ගන්නට වරලත් ගණකාධිකාරී ක්‍රීඩා ඇමතිවරයාටවත් නොහැකිද?
කලකට පසුව මෙවර ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය A කාණ්ඩයට උසස් වූ බව අපි දනිමු.ඒ සඳහා සටන්කාමී ලිවීමක මූලිකවම සිටියේ සහ එම ක්‍රීඩා සමාජ ප්‍රධානියා සහ වත්මන් රගර් බලධාරියා ලෙස සිටින අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතර මුණ ගැසීම කරන්නටද මැදිහත් වූයේ අපය.මේ සල්ලිකාර A ක්‍රීඩා සමාජ ජාත්‍යන්තර තරගයකට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමකට අවශ්‍යය අනුග්‍රහය සම්බන්ධයෙන් නොදුටු නියාව කල් ගෙවද්දි ශ්‍රී ලයන්ස් ඊට ඉදිරිපත් වන තෙක්ම,මේ A කාණ්ඩයේ ක්‍රීඩා සමාජ තරග වදින්නට ශ්‍රී ලයන්ස්ලාට ක්‍රීඩා පිටියක් නොමැතිවීම ප්‍රධාන තර්කයක් කර එම ක්‍රීඩා සමාජයට A ක්‍රීඩා තරගාවලියට අවස්ථාව දීමට හරස් විය.
අද ශ්‍රී ලයන්ස්ලා එම ඇත්ත ඉතිහාසය පාපොච්ඡාරණය කරයිද යන්න අපි නොදනිමු.එහෙත් රගර් කේෂ්ත්‍රයේ හෘදය සාක්ෂියක් ඇති අයෙකුට මේ කෙටිකාලීන ඉතිහාසය අමතක කළ නොහැකි අතර කාට හෝ ඒ ඉතිහාසය කියවා ගැනීමට අවශ්‍යයනම් ශ්‍රී ලයනස්ලාට සාධාරණය ගෙන එනු පිණිස අප තැබූ සටහන්ම අතීතය හාරා සොයා ගන්නට හැකිය.
ක්‍රිඩා අමාත්‍යවරයා ද වසරකට මේ A ක්‍රීඩා සමාජ වියදම් කරන මුදල් ගැන තක්සේරුවක සිටිනවා විය යුතුය.ඔහු සිය වෘත්තියට සංවේදීව එම මිල ගණන් දෙස බලා සිටිනවා විය යුතුය.එහෙත් එම මිල වැය කිරීමට ඔවුන්ට හැකියාව ඇති කරන ඉපයිම වෙනුවෙන් ලබා දී ඇති සහන සහ ලංකාවේ ඒ නොවන ක්‍රීඩා සමාජවලට ඇති අපහසුකම් ක්‍රීඩාමය වශයෙන් මැන බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස අවධානය යොමු නොකිරිම කණගාටුදායක තත්ත්වයක්ය.ලංකාවේ ක්‍රීඩාව පරිපාලනය කරද්දි බලවතාගේ පයට පියවරෙන් පියවර පෑගෙන ලෙස පීඩිතයා පේළි ගස්සවා තිබීම වෙනුවට, ක්‍රිඩාවේ දේශපාලකයාගේ වගකීම විය යුතු වන්නේ පීඩිතයා සහ පීඩකයා අතර ක්‍රිඩාමය පරතරය පියවා ක්‍රීඩාවේ සැබෑ දක්ෂයා මතු කර ගැනීමට අවශ්‍යය මාර්ගය එළි පෙහෙළි කිරීමය.
උදාහරණයක් විදිහට ශ්‍රී ලයන්ස් මේ A කුලකයට පැමිණ ඔවුන් ඊට සුදුසු බව සහතික කළ තරග වාරයක් නිමා කර ඇත.එසේනම් දැන් A සංයුතිය ඊ ළඟ වසරේ සිට කණ්ඩායම් අටකට සීමා කර මෙවර A කාණ්ඩයේ අවසාන අංකය බී කාණ්ඩයට පහත හෙළිය යුතුය.ක්‍රිකට් වැනි ක්‍රිඩාවකද එවැනි තත්ත්වයන් ක්‍රියාත්මක අතර මෙවර එස්එස්සි ක්‍රීඩා සමාජයට සිඳු වූ දේ හොඳම උදාහරණය ලෙස ගත හැකි අතර එම තරගකාරිත්වය හරහා ඇති කරන තරගකාරීත්වය මිස ක්‍රීඩා සමාජයකට වැයවන වියදම් සළකා ඒවා සදාකාලිකව ප්‍රභූ මට්ටමෙන් පිළිගැනීමට අවශ්‍යය නීතිමය පසුබිම සකසා දීම රජයක ක්‍රීඩා ප්‍රතිපත්තිය නොවිය යුතුය.ඒ නිසා අප තදින්ම විශ්වාස කරන්නේ රගර් තව දුරටත් ව්‍යාප්තවීමට අවශ්‍යය පසුබිම සකසා ගැනීම වැදගත් බවය. A ක්‍රීඩා සමාජවල එම තත්ත්වය සදාකාලිකව සුරක්ෂිත වන ක්‍රමවේදයක් වෙනුවට එම බමුණු කුලය දෙදරවා,නිරන්තරයෙන් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය සහ හැකියාවන් මත පදනම් වූ විවෘත ඉඩක් ලංකාවේ A මට්ටමේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් සකස් කර තැබීම කළ යුතු බවය.මෙවර ශ්‍රී ලයන්ස්ම ඊට උදාහරණය කර ගත හැකිය.
ඒ ආකාරයට A කාණ්ඩයේ අස්ථාවරභාවය සහ A දක්වා උසස් වෙන්ට ඇති ඉඩ ද ලංකාවේ රගර් ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළ දමන A සහ බි කාණ්ඩවල තරගකාරීත්වය ඉහළ දැමීමේ සාධකයක් ද වනු ඇත.මේ ප්‍රතිපත්තිමය කාරණා රජයක ක්‍රීඩා දැක්ම ලෙස එම ව්‍යහුයමය සාධක සමඟ ලංකාවේ රගර් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කිරීම සහ එය ආසියාවට දන්වා සිටීම හැර, හොරු සමඟ හෙළුවෙන් නැටීම දක්වා ආණ්ඩුවක් කටයුතු කිරිම නොකළ යුතුය. නාමල්ගේ මුග්ධ හැසිරිමේ මොහොතේ සිටම අපි ඊට එරෙහිව ප්‍රතිචාර දැක් වූ ප්‍රතිපත්තියක සිට මාධ්‍යය මෙහෙයවන්නෙමු.එහි දිගුවක අපි ශ්‍රී ලයන්ස් වෙනුවෙන්ද පෙනී සිට එයට එම තත්ත්වය අත් කර දිමටද සටන් කළෙමු.
ඒ නිසා අප පවතින පළාත් බලය සහිත ව්‍යවස්ථාව හරහා රගර් ව්‍යාප්තිය වැඩි කර ගැනීමට අවශ්‍යය මූල්‍යමය සාධක තහවුරු කර පවුම් 50000 එම තීන්දුවට අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීමට සහ මිලියන 55 ක ණය කන්දට වගකිව යුතු අයට දඬුවම් දීමේ අවශ්‍යයතාවය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින්නෙමු.ඔවුන් සමඟ එකට සාද පැවත්වීම,ක්‍රීඩාව සම්බන්ධයෙන් උපදෙස් ගැනීම වැනි කරුණු දේශප්‍රේමීත්වයද නැද්ද යන්න මේ රජයේ දේශපාලන යාන්ත්‍රණයට පිළිතුරු දිමේ දවසක් එනු ඇත.
අපේ පෙනී සිටීම ඇතැම් A ක්‍රීඩා සමාජවලට හිසරදයක් වන්නේ අදාළ චෝදනාවන් හී ඉලක්කය ඒ ක්‍රීඩා සමාජවල සාමාජිකයන් වන බැවිනි.මේ තත්ත්වයන්වලින් මිදීමේ මාර්ගය ලෙස එවැනි තත්ත්වයකදී සම්ප්‍රදායික A කුලකයේ මහත්තුරු වංචාවට හසුවීමේ අවදානම මඟ හරවා ගැනීම වෙනුවෙන් ද,ඒවාට සම්බන්ධ පිරිසට ආසියානු සභාපතිගේ සුරතලුන් වීමට හැකියාව ලැබීම හේතුවෙන්ද වත්මන් ව්‍යවස්ථා සංශෝධනයකට එන බලපෑම සිඳු වි ඇති බව අපේ නිරීක්ෂණයය.ඒ සඳහා ඉඩ දීම වෙනුවට වැදගත් වන්නේ A ක්‍රීඩා සමාජයක් යනු දක්ෂතා මත තීරණය වන එකක් වෙන තැනට රගර් හී තරගතාරීත්වය විවෘත තැනක පිහිටුවා කටයුතු කිරීමය.
තවත් පැහැදිළිව කිවහොත් A ක්‍රීඩා සමාජ ලෙස තරග වැදීම කණ්ඩායම් අටකට සීමා කිරීම සිඳු කර, සෑම වසරකම බී කාණ්ඩයේ පළමු වැන්නා A කාණ්ඩයට ගෙන එමින් සහ A කාණ්ඩයේ අවසාන තැන බී කාණ්ඩයට ගෙන ඒම සිඳුවන වැඩ පිළිවෙලක් ඇති කිරීම කළ යුතුය. A යැයි සම්මත ක්‍රීඩා සමාජවල බමුණුකුල රැක ඒවාට සදාකාලීක ප්‍රභූත්වය ආරෝපනය කිරීම නොකළ යුතුය.
ආසියානු සභාපතිවරයාට රටේ පවතින තත්ත්වය අවබෝධ කර දීම වෙනුවට ආණ්ඩුවේ නිලධාරියා සහ දේශපාලකයා කරන්නේ ආසියානු සභාපතිවරයාට සහ ඔහු ලෝක විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස ඒ හරහා ඇති කරන බලපෑම්වලට යටත් වී එහෙයි කිමය.ආසියානු සභාපතිවරයා සැබවින්ම ලංකාවේ රගර්වලට ආදරය කරනු වෙනුවට තෝරාගෙන ඇත්තේ A ක්‍රීඩා සමාජවලට මුක්තිය ඇති කර දීම වැනි කාරණයක් ඉෂ්ඨ සිද්ධ කර දීමටය.ඇත්තටම ලංකාවේ රගර් ක්‍රීඩාවට ආදරය ඇත්නම් ඔහු කරන්නේ ලංකාවේ රගර් හී සංවර්ධන කටයුතු ඇණ හිටීමට බලපාන පවුම් 50000 දඩයෙන් ලංකාව මුදවා ගැනීමට ඉදිරිපත්වීමය.එම වරද කළ නිලධාරීන් ගේ වගකීම් විරහිතභාවය සළකා රගර් පරිපාලනයට සම්බන්ධ විම වාරණයට ලක් කිරීමට උපදෙස් දීමය.එහෙත් සිඳු වී ඇත්තේ එම පරිපාලනයේ සභාපතිට සහ ලේකම්ට ආසියානු සභාපතිවරයා ආසියානු වගකීම් පිරිනැමීමය.
එසේම වියදම් ආදිය සැළකිල්ලට ගෙන ඡන්ද බලය දීම සිඳු කරන්නේනම් ආසියානු සභාපතිවරයා ආසියාවේ රගර් දැවන්තයා වන ජපානයට ආසියානු නිලවරණ ක්‍රමය ඇතුළේ ඡන්ද දෙකක් දීමට එකඟ විය යුතුය.ආසියාවට කීර්තිය ගෙන දෙන රගර් නියෝජනය වන ජපානය එම තත්ත්වයෙන් රගර් තබා ගැනීම වෙනුවෙන් ජාතිකමය වශයෙන් ආර්ථිකමය වශයෙන් කෙතරම් කැපවීමක් කරනවාද යන්න සළකා නොබලන ආසියානු සභාපතිවරයා ලංකාවේ රගර් සඳහා දායකවිම දෙවනු කොට සළකා ලංකාවේ A ක්‍රීඩා සමාජ කෙරෙහි දක්වන උනන්දුව සහ ආදරය අමුතු එකක් බවට සැකයක් හෝ මෙරට නිලධාරීන්ට සහ දේශපාලකයින්ට ඇති නොවීම කණගාටුදායක තත්ත්වයකි.ඇත්තටම ජාතික ඛේදවාචකයකි.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ සිටම ලංකාවේ රගර් හි පන රැක දුන්නේ මෙරට අධිකරණය ය.එයට මේ සටහනේ ඉහළින්ම ඇති අශුද්ධ සංධාන සහ රජයේ නිලධාරීන් සහ දේශපාලකයන් කරන ලද බාධාවන් කොතෙකුත්ය.ආසියානු සභාපතිවරයා ද අවසන් වරට මේ රටේ නීතිය ගනු ලබන තිරණවලට ගරු කරන බව කියන තත්ත්වයට දිව හසුරුවා ගැනීම,අපේ රටේ නීතිය ලත් ජයකි.එහෙත් ආසියානු සභාපති රටක නීතියේ ආධිපත්‍යයට හෝ එහි ස්වභාවයට එරෙහිවීම ශිෂ්ට සහ සදාචාරසම්පන්න නොවන බව කීවද,ලංකාවේ ආණ්ඩුවේ නිලධාරින් ආසියානු සභාපතිවරයා යම් අදහසක් දැක් වූ සැනින්,ලංකාවේ නීතියට පයින් ගසා ඒ මතය මත සිටගැනීම පුදුමාකාර නිවටකමකි.අඩුම තරමේ තමන් ගරු අධිකරණය ඉදිරියේ ඇති කරගත් එකඟතා ආසියානු සභාපතිගේ ලිපියකින් පසුව අධිකරණය දැනුවත් කර ලබා ගත් අවසරයකින් තොරව වෙනස් කරමින්,එයින් බරපතල ලෙස නීතිය අපහාසයට ලක් වන බවවත් නොසළකා හරින රාජ්‍ය නිලධාරීන් සිටීම ඇත්තටම රටකට සාපයකි.
එසේම බලය ඇති පළාත් සංගම් වෙත ද අපි එක් දෙයක් කියන්නෙමු.අධිකරණ තීරණයකින් පසුව බලයට ඒමේ අවස්ථාව, පවතින වයවස්ථාව අනුව පත්වන නිලධාරීන්ට ලැබුණොත් ඉටු කළ යුතු වගකිම් රැසකි.එහි පළමුවැන්න පවුම් 50000 දඩයට වගකිව යුතු පිරිසට දඬවම් දීමය.එම මුදල එම පිරිසගෙන් අය කර ගැනීමය.ආසියාව සහ ලෝකය පවසන පරිදි A ක්‍රීඩා සමාජවලට යම් වරප්‍රසාදයක් දීමට එකඟතාවයක් ඇති කර ගන්නේනම් එහිදි A ක්‍රීඩා සමාජ අවිනිශ්චිත කර,බාර් හිමි දැවන්ත දෙපළක් හිමි ක්‍රීඩා සමාජ පමණක් එහි නිත්‍ය උරුමක්කාරයා වීමේ ක්‍රමයට තිත තැබිය යුතුය. A සහ බී කාණ්ඩ අතර නිරන්තර වෙනසක් ඇති විය යුතු අතර A කාණ්ඩය කණ්ඩායම් අටකට ගෙන එමින් එම කණ්ඩායම් සදාකාලිකව එක තැන නොරදවා බී කාණ්ඩයේ සූරයන්ට හැම විටම A කාණ්ඩායට පිවිසීමේ හැකියාව සමඟ ඒ කාණ්ඩයේ අන්තිමයාට බී කාණ්ඩයට යන්නට පාර සැකසීම සිදු විය යුතු යන්න නැවත නැවතත් අවධාරණය කරනු කැමත්තෙමු.
බමුණු කුල රැකෙන වැඩ පිළිවෙල මකා දැමිය යුතුය.පළාත් මට්ටමෙන් දක්ෂයන් නිර්මාණය කිරීමට සහ විශිෂ්ඨ කණ්ඩායම් ඇති කිරිමට කටයුතු විධිමත් කළ යුතුය.මේ සියළු නරක තත්ත්වයන් තුළ ලංකාවේ රගර් මල ක්‍රීඩාවක් බවට පත්ව ඇති බවට රගර් ගැන නොදන්නා ක්‍රීඩා ඇමතිගේ ඔළුවට කා වද්දා තිබුණ අශුද්ධ සංධානවල ක්‍රියාකාරීත්වය උස්සා පොළවේ ගැසූ ලංකාවේ රගර් ක්‍රීඩකයන්ට සහ ඒ වෙනුවෙන් ඔවුන් මෙහෙය වූ පුහුණුකරුවන්ටත් වඩා හොඳ වෘත්තිය මට්ටමක් ඇති කිරිමද ඊට අයත් විය යුතුය. ලංකාවේ සතර අත විසිර ඇති රගර් හැකියාවන් පුබුදු කරවන ජාතික මට්ටමට ඔවුන් කැඳවා ගෙන එන්නට මේ දක්වා පළාත් සංගම් දරපු වෙහෙස හතර පස් ගුණයකින් වැඩි කර වැඩට බැසිය යුතුයි.
වතු කම්කරුවාගේ පතල් කම්කරුවගේ සිට පොළව එක්ක හැප්පෙන ගොවියාගේ සිට විවිධ වෙහෙසකර වෘත්තින් කරන පවුල්වල දරුවන්ගේ ජානමය උරුමයේ ඇති ශක්තිය සහ ජවය රටේ රගර් ක්‍රීඩාවට මුසු කරන වැඩ සටහනකින් ලංකාවේ හතර කොන රගර් දක්ෂයින් උපද්දවන වැඩ සටහනක් ගැන සිතිය යුතුයි.
