ගෝලීය වෙළඳ අවිනිශ්චිතතා මධ්‍යයේ පස්වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වෙයි!

Date:

කොළඹ LNW:5 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය පසුගිය දා නිමාවට පත්වුණා. ඒ වෙළඳ ආරක්ෂණවාදයේ වර්ධනය සහ ඇමරිකාවේ නව තීරුබදු පැනවීම යන සාධක ගෝලීය ආර්ථීකයට බලපෑම් එල්ල කරන පසුබිමකයි.

“විවෘත අවස්ථා පොදුවේ බෙදා ගෙන ලෝකයට සුන්දර අනාගතයක් එක්ව ගොඩනැගීම”යන්න තේමාවෙන් පැවති මෙවර ප්‍රදර්ශනයට රටවල් හා ප්‍රදේශ 71ක ව්‍යවසායන් 1767ක් හා සන්නාම 4290ක් සහභාගී වුණා. ප්‍රදර්ශනය අතරතුර එළඹි සහයෝගිතාවල වටිනාකම චීන යුවාන් බිලියන 92ක් වන අතර එය වාර්තාගත තත්ත්වයක් බවයි චීනය පවසන්නේ.

මෙලෙස විදේශ ව්‍යවසායන් චීන වෙළඳපොල කෙරෙහි යොමු වීමට බලපා ඇත්තේ පාරිභෝගික වෙළඳපොල ව්‍යාප්ත කිරීම හා නව නිෂ්පාදන ඵලදායිතාව යන සාධකයන්ගෙන් ගෙන එන පරිභෝජන දියුණුවයි. පසුගිය 2024 වසරේ චීනයේ සමස්ත සිල්ලර අලෙවි වටිනාකම චීන යුආන් ට්‍රිලියන 48.8කට ළඟා වුණා. මේ වසරේ පළමු කාර්තුව තුළ, පාරිභෝගික වෙළඳපොල අඛණ්ඩව වර්ධනය වෙමින් නවෝත්පාදන ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ චීනය ඉහළට පැමිණ තිබෙනවා.

මෙවර ප්‍රදර්ශනයේදී පරිභෝජන තාක්ෂණයන් සඳහා විශේෂ ප්‍රදර්ශන කලාපයක් වෙන් කර තිබූ අතර විවිධ විදේශ ව්‍යවසායකයෝ සිය නවෝත්පාදන නිෂ්පාදන මෙවර ප්‍රදර්ශනයට යොමු කර තිබුණා.

චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය නිමාවට පත්වීමෙන් පසු කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය, චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය යන ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වීමට ද නියමිතයි. විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමට මෙන්ම විදේශ ආයෝජන සඳහා ඵලදායී පරිසරයක් නිර්මාණය කරමින් ගමන් කිරීම සිය අරමුණ බවයි චීනය පවසන්නේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...