කසල එක්ක රැය පහන් කරන මිනිස්සු – ඊයේ රාත්‍රියේ මහනුවර තත්වය (VIDEO)

Date:

මේ දිනවල පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය හේතුවෙන් දිවයින පුරා සිව්දිගින් ලක්ෂ ගණනාවක ජනතාවක් මහනුවර නගරයට පැමිණෙමින් සිටින අතර එයින් දළදා ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් රැස්වන මාර්ගවල අධික තදබදයක් නිර්මාණය වී තිබේ.

මාර්ගවල වේගයෙන් කසල එකතු වෙමින් පවතින අතර නගර සභා සේවකයින් සහ කසල ඉවත් කිරීමට ස්වේච්ඡාවෙන් එක්ව සිටින පිරිස්වලට පවා එම කසල තොග ඉවත් කිරීමට ගැටලුකාරී වී ඇත.

ඊයේ දිනයේ මහනුවරට ඇදහැළුණු වර්ෂාවත් සමග තත්වය තවත් නරක අතට හැරී තිබිණි.

දැනටමත් බැතිමතුන් ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම්වල සිටින හෙයින් අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දළදා වන්දනාව සඳහා මහනුවර නොපැමිණෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරන ලදී.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ඊයේ (23) රාත්‍රියේ මහනුවර නගරයේ වීදි කිහිපයක පැවති තත්වයයි.

අම්පිටිය රතු බෝක්කුව අසල ඊයේ රාත්‍රිය වනවිට රැස්ව සිටි අතිවිශාල ජනකාය පහතින් දැක්වේ.

අද අළුයම 03.30 වනවිට අම්පිටිය ප්‍රදේශයේ පැවති තත්වය සම්බන්ධයෙන් තරුණයෙකු තැබූ ෆේස්බුක් සටහනක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...