ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය කරූ ජයසූරියට !!

Date:

ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මහානායක හිමිවරුන් වෙත ඉදිරිපත් කළ යෝජනා 13 ප්‍රකාරව මෙම ජාතික සමගි අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමට නියමිතව ඇති අතර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඊයේ (07) දිනයේදී එම යෝජනාවට එකඟතාව පළකර තිබිණි.

ඊයේ උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අමතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස නිල වශයෙන් ආරාධනා කර තිබුණු අතර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් තමන්ට තනි තීරණයක් ගත නොහැකි බවත් සිය පක්ෂය සමග සාකච්ඡා කර තීරණය ප්‍රකාශයට පත්කරන බවත් ය.

ඒ අනුව ඊයේ පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව පරිදි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී තිබේ.

එහිදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් නිර්මාණය කෙරෙන ජාතික ආණ්ඩුවක් බැවින් තනි පක්ෂයක නායකයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්වනවාට වඩා සියල්ලන්ටම පිළිගත හැකි නිර්පාක්ෂික පුද්ගලයෙකු ඒ සඳහා පත්කර ගැනීමේ වැදගත්කම අනුව තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර නොගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය යනාදී තීරණාත්මක පාර්ශ්ව ගණනාවක් මේ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ කරූ ජයසූරිය මහතා බවට එකඟ වී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින්නේ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට නිසා එයින් ගොඩ ඒමේ වැඩපිළිවෙලට නායකත්වය දීමට අත්දැකීම් සපිරි, පරිණත, ජාත්‍යන්තරය සමග ඉතාම හොඳ සම්බන්ධතා ඇති, දූෂණ චෝදනා කිසිවක් නොමැති, පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව සිටින, සියලුම දෙනාට පිළිගත හැකි නායකයෙකු අත්‍යාවශ්‍ය වී තිබෙන බව පැහැදිලි ය. ජාත්‍යන්තර සහාය මේ මොහොතේ අතිශයින්ම තීරණාත්මක වී තිබෙන අතර දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ ඉරණම තීන්දු වනු ඇත්තේ ඒ මතය.

එහෙයින් මෙම අභියෝගයට මුහුණ දීම සඳහා සියලු පාර්ශ්ව සමග එක්ව කටයුතු කරමින් නායකත්වය ලබාදීමට දැනට ශ්‍රී ලංකාව සතු හොඳම විකල්පය කරූ ජයසූරිය මහතා බවට පාර්ශ්ව ගණනාවක්ම එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ගැනීම සඳහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වීමට යෝජනා වී ඇති අතර අවශ්‍යතාවයක් වුවහොත් තමන් ද කරූ ජයසූරිය මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු ආසනය ලබාදීට සූදානම් බව හරීන් ප්‍රනාන්දු මහතා ද දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...