චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ!

Date:

කොළඹ LNW:චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක ව සිදු කර තිබෙනවා. ඊයේ (24) එම අභ්‍යවකාශ යානය චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කර ඇති බවයි වාර්තා වන්නේ. Chen Dong , Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනෙකු මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් ව සිටිනවා.

චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී ඇති දිනයේ ම Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක්.

චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙරයි. මෙවර අභ්‍යවකාශ මෙහෙයුම Shenzhou අභ්‍යවකාශ යානාවන්හි 20වන අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට එක් වනවා.

මේ වන විට කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් පසු, එහි ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

බෙයිජිං වෙලාවෙන් අද (25) අලුයම 1:17ට පමණ කක්ෂගතව මෙහෙයුම් සිදු කරන Shenzhou-19 ගගනගාමී කණ්ඩායම, පිවිසුම් දොර විවෘත කර Shenzhou-20 ගගනගාමී කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිළිගෙන තිබෙනවා.

පසුව, ගගනගාමීන් හය දෙනා විවිධ කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දින පහක් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම අපේක්ෂාවයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...