සභා අනුමැතියක් නැතුව ක්ලීන් ශ්‍රී ලංකා එකට අරමුදල් යොදවලා – ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලින් චමින්ද ප්‍රියදර්ශන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු එම පැමිණිල්ල මඟින් පවසන්නේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා සභාවේ අරමුදල්,සම්පත් හා සේවක ශ්‍රමය යොදාගෙන ඇති බවයි.

එම ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 03 වැනිදා සිදුකර තිබෙන අතර එම දිනය වන විට එවැනි වැඩසටහනක් වෙනුවෙන් සභා අනුමතියක් ලබා දී නොතිබුණ බව පැමිණිලිකරු පවසයි.

ප්‍රාදේශීය සභා පනත උල්ලංඝනය කරමින් සිදුකර තිබෙන එම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...