කොළඹ නගරසභාව අපි අනිවාර්යයෙන් දිනනවා. අපට නැවතත් වරම දෙන්න ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ – බල්තසාර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ නගරාධිපති අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් පවසයි.

“ජනතාව අපට මේ වරම දීලා තියෙන්නෙ ජනතාවගේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ඉතින් තමන්ගෙ දේශපාලන පක්ෂවලින් මොකක් කිව්වත් අවසානයේ ජනතාවට අවශ්‍ය දේ තමයි වෙන්නෙ. ජාතික ජන බලවේගයට කිසි බයක් නැතිව අපට ඉස්සරහට අපේ වැඩ කටයුතු කරගෙන යන්න, ඒ කියන්නෙ ජනතාවගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. අනිත් අය ඉතින් එක එක දේවල් කියවයි. කොළඹ නගර සභාව අපි අනිවාර්යයෙන්ම දිනනවා. ගම අපටයි ජය නියතයි කියන එක ආයෙ කතා දෙකක් නෑ. මම හිතන්නෙ හරිම ක්‍රියාකාරී විදියට අපි බිමේ වැඩකරගෙන යනවා. ජනතාවට දැනෙනවා අපි මේ ඡන්දයක් ඉලක්ක කරගෙන නෙවෙයි පාරට බහින්නෙ කියලා. අපි අවුරුදු ගාණක් තිස්සේ ඡන්දයක් තිබුණත් නැතත් ජනතාවට සේවාවක් කරන හා අවංකව සේවාවක් කරන පක්ෂයක් හැටියට අපට නැවතත් ඒ වරම ලබාදෙන්න ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා”

ව්‍රායි කැලී බල්තසාර් මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...