යාපනයට සහ කොළඹට වැට – අලුත් කෙනෙකුට ඉඩ

නිශ්මං රණසිංහ අප්‍රේල් 29, කොළඹ LNW:

ආරම්භයේදී ඇති කරගත් ගිවිසුම් යටතේ නියම කර ඇති පරිදි අදාළ ෆ්‍රැන්චයිස් ඔවුන්ගේ ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) හිමිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), LPL තරඟාවලියේ ඉසව් අයිතිය හිමියා වන IPG සමූහය සමඟ එක්ව, කොළඹ ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් හි ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වය අවසන් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කරයි.
ඉහත සඳහන් කරුණු හේතුවෙන්, ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නව හිමිකාරිත්වය යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන ෆ්‍රැන්චයිස් තරග කරන්නට නියමිතය. LPL ඉසව් අයිතිවාසිකම් හිමිකරු ලෙස, ෆ්‍රැන්චයිස් කණ්ඩායම් කෙරෙහි සුවිශේෂී අයිතිවාසිකම් IPG සමූහය සතුව ඇති අතර, ඒ අනුව, එම ෆ්‍රැන්චයිස් වල හිමිකාරිත්වය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට පැවරීමේ බලය හිමිවී ඇත්තේ IPG සමූහයටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG සමූහය ලංකා ප්‍රිමියර් ලීගයේ අඛණ්ඩතාව, ප්‍රමිතීන් සහ සාර්ථකත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර ඒ් අනුව නව හිමිකාරීත්වයක් යටතේ යාපනය සහ කොළඹ කණ්ඩායම් මෙවර එල්පීඑල් තරගාවලිය දකින්නට හැකි වෙනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...