ඇමරිකා එක්සත් ජනපදය හා යුක්රේනය අතර ඛනිජ ගිවිසුමක් අත්සන් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැවති අසාර්ථක සාකච්ජාවෙන් අනතුරුව බිඳ වැටුණු ඛනිජ ගිවිසුම මාස ගණනක දැඩි සාකච්ජා වලින් අනතුරුව දෙපාර්ශවයේම සහභාගිත්වය යටතේ ඊයේ(30)දිනයේදී අත්සන් කර ඇති බව වාර්තා වේ.

මෙමඟින් යුක්රේන යුද්ධය හේතුවෙන් බිඳ වැටුණු යුක්රේනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ආයෝජන අරමුදලක් පිහිටුවීමට දෙරට එකඟ වී තිබේ.

මේ සමබන්ධයෙන් එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර තිබුණේ, කියෙව් සඳහා, මෙම ගනුදෙනුව එක්සත් ජනපද මිලිටරි ආධාර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන බවත්, යුක්රේනයේ කල් පවතින සාමය සහ සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයම කැපවී සිටින බව පෙන්නුම් කරණ බවත්ය.

යුක්රේනයේ ග්‍රැෆයිට්, ටයිටේනියම් සහ ලිතියම් වැනි තීරණාත්මක ඛනිජ විශාල සංචිත ඇති බව විශ්වාස කරන අතර පුනර්ජනනීය බලශක්තිය, මිලිටරි යෙදුම් සහ කාර්මික යටිතල පහසුකම් සඳහා ඒවායේ විශාල ඉල්ලුමක් පවතියි. මෙම ඛනුජ සම්පත් සම්බන්ධයෙන් ඇති හවුල්කාරිත්වය දෙරට අතර 50:50 වශයෙන් බෙදී යන අතර සම්පත් යුක්රේනයේ දේපළ ලෙස පවතිනු ඇත.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවමංගල්‍යයට සමගාමීව ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි මුහුණට මුහුණ හමුවීමක් පවත්වා දින කිහිපයකට පසුව රුසියාව හා එක්සත් ජනපදය අතර හොඳ හිත පලුදු වෙමින් පවතින අතර මෙම ගිවිසීම අත්සන් කළ අතර ගිවිසුම යටතේ එක්සත් ජනපදය කියෙව් වෙත ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළුව නව ආධාර සපයනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...