හරිනිලා, නිලන්තිලා, ලක්මාලිලා වගේ කට ඇති කාන්තාවන් දහස් ගාණක් ප්‍රාදේශීය සභාවලට එවනවා – සමන්මලී

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙරට විපක්ෂයට දුවන්නට තැන් පවා නැතිවනු ඇති බවත් එසේ වන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වැනිම කාන්තාවන් දහස් ගණනක් පළාත් පාලන ආයතනවලටත් පත්වෙන නිසා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

“පහුගිය කාලෙ අපි දැක්කා වැඩකරන කාන්තාවන්ට අයිතිවාසිකම් තිබ්බෙ නෑ. ඔවුන් වැඩකරමින්, ගෙදර වැඩත් කළා. ගෙදර වැඩත් කරමින් රටේ වැඩත් කළා. රටේ වැඩ කරමින් අපේ දේශපාලන වේදිකාවලටත් ආවා. එහෙම තමා ඔවුන් අභියෝග භාරගත්තෙ. ඒ අභියෝග භාරගනිමින් මහා පිම්මක් පනිමින් අපේ දේශපාලනයට අලුතින් ඔබ පාර්ලිමේන්තුවට යැව්වා මන්ත්‍රීවරියන් 20ක් ජාතික ජන බලවේගයෙන් පමණක්. අද වෙද්දී ඒ අපේ සහෝදරියන් මේ වැඩකරන ගැහැණුන් පිරිමින් වෙනුවෙන්, රටේම ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් හඬ අවදි කරමින් ඉන්න වෙලාවට අයියෝ මේ අභියෝගවලට මුහුණ දෙන්න බැරිව විවිධ අවලාද ගෙනෙන විපක්ෂයේ ඇතැම් කණ්ඩායමකුත් ඉන්නවා. ඒ නිසා හරිනි සහෝදරී කට ඇරියොත් ඒක අර හැංගිලා ඉන්න විපක්ෂයට හරියට රිදෙනවා. සරෝජා සහෝදරී කට ඇරියොත් අර වැටිලා ඉන්න විපක්ෂයට අනේ ඒගොල්ලන්ට හරියට රිදෙනවා. ලක්මාලි සහෝදරී කට ඇරියොත් අනේ අර වැටිලා ඉන්න තැනවත් හොයාගන්න බැරි විපක්ෂයට හරියට රිදෙනවා. නිලන්ති සහෝදරී කට ඇරියොත් අනේ තවත් රිදෙනවා, යන එන මං නැතිව ඉන්න විපක්ෂයට අයියෝ හරි අමාරුයි. අපි ඔබට එකක් කියනවා, මේ රටේ කාන්තාවො එක මිටකට එකතුවෙලා ඔබ වෙනුවෙන් ලෝකයක් තනන්න තමා පාර්ලිමේන්තුවට යැව්වෙ. ඒ වගේම දවසේදී මේ කටවල් 20 විතරක් නෙවෙයි ඉදිරියට එන පළාත් පාලන මැතිවරණයේදී අපේ අවදි වුණ එක මිටකට එකතුවෙලා ඉන්න කාන්තාවො දහස් ගණන් මන්ත්‍රීවරු විදියට නගරාධිපතිවරු විදියට පළාත් පාලන ආයතනවලට එනවා. එතකොට නම් මේ විපක්ෂයට දුවන්න තැන් නැතිවෙයි”

සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (මැයි 01) කොළඹ ගෝල්ෆේස් පිටියේදී පැවති ආණ්ඩුවේ මැයි දින රැළිය අමතමිනි.

සමන්මලී ගුණසිංහ යනු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ බිරිඳ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...