අනුරගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂව නිදොස්කොට නිදහස් කරගන්නවා. අපි අනුරට බය නෑ – නාමල්

Date:

අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පුදුකුඩිඉරුප්පුවේ මැතිවරණ රැළියකට ගොස් මහින්ද රාජපක්ෂ මහතාට බැනවැදීමට හැකිවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද්ධය අවසන් කර පුදුකුඩිඉරුප්පු යාමට මහාමාර්ග ද සාදා දුන් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි යුද්ධය අවසන් කරපු නිසා තමයි අද අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමාට පුදුකුඩිඉරුප්පුවලට ගිහිල්ලා වේදිකාවක් හදලා තමන්ගෙ පක්ෂයේ රැස්වීමක් තියලා මහින්ද රාජපක්ෂට බනින්න පුළුවන් වෙන්නෙ. යුද්ධෙ ඉවර කළා විතරක් නෙවෙයි, යන්න පාරත් හදලා දුන්නා. අපි වැඩ කරනකොට ඒ වැඩ ඉවසන් ඉන්න බැරි පිරිසක් හිටියා මේ රටේ. පාර හදනකොට ඒ පාරෙන් හොරකම් කළා කිව්වා. ඇයි ඒ ? අපේ රටේ සමහර දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තියත් එක්ක වැඩ කරන්න බැරිවෙනකොට ඔවුන් උත්සාහ කරනවා ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයාට මඩ ගහලා චරිතය ඝාතනය කරන්න. අපිත් සමහර ඒවාට උත්තර දුන්නෙ නෑ, ඔව්. අපි හිතුවා අපට ඒ හැම පොඩි දේටම උත්තර දෙනවාට වඩා අපට වැඩ තිබ්බා. මං අදටත් මගේ පෞද්ගලික ජීවිතයෙත් මං ඒකට සටන් කරනවා, අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස්කොට නිදහස් කරගැනීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන තමයි මේ මැයි දිනය වගේම මැතිවරණය මෙහෙයවන්නේ කියන එක මතක් කරන්න ඕනෙ. මම විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් ඇතුළෙම මගේ තාත්තා නිදොස්කොට නිදහස් වෙනවා. අපිට වැඩිපුර ගහන්නෙ ඇයි ? අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා අපට බය වුණාට අපි ඔබතුමාට බය නැහැ කියන එකත් මේ වේදිකාවේ ඉඳන් මම ඔබතුමාට මතක් කරනවා”

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 01) නුගේගොඩදී පැවති පොහොට්ටුවේ මැයි දින රැළිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත...

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව...

2028 ණය ගෙවන්න නම් ආර්ථිකයේ ගැඹුරු පරිවර්තනාත්මක වෙනසක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ...

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...