අත්අඩංගුවේ සිටි තවත් තරුණයෙක් මරුට. ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා !

Date:

කොස්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි තරුණයකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ, හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයාව ඊයේ (මැයි 01) පස්වරුවේ මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මව්පියන්ම කළ දැනුම් දීමකට අනුව ය.

ඔහු පොලිස් සිර මැදිරියේ සිටියදී ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් සිර මැදිරිය තුළ ක්ලාන්ත වීමෙන් අනතුරුව රෝහල්ගත කළ අතර රෝහලේදී ඔහු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අයෙකු බවත් පොලීසිය සඳහන් කර ඇත.

කෙසේවෙතත් එම තරුණයා අත් අඩංගුවට ගැනීමේදී පොලීසිය ඔහුට බරපතළ ලෙස පහරදී ඇති බවටත් එම පහරදීම් හේතුවෙන් මරණය සිදුව ඇති බවටත් ඔහුගේ ඥාතීහු පොලීසියට චෝදනා කරති.

මීට සති කිහිපයකට පෙරත් වැලිකඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි තරුණයකු මේ ආකාරයෙන්ම රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වූ අතර මේ වනවිට ඔහුගේ දේහය යළි ගොඩගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...