අත්අඩංගුවේ සිටි තවත් තරුණයෙක් මරුට. ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා !

කොස්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි තරුණයකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ, හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයාව ඊයේ (මැයි 01) පස්වරුවේ මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මව්පියන්ම කළ දැනුම් දීමකට අනුව ය.

ඔහු පොලිස් සිර මැදිරියේ සිටියදී ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් සිර මැදිරිය තුළ ක්ලාන්ත වීමෙන් අනතුරුව රෝහල්ගත කළ අතර රෝහලේදී ඔහු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අයෙකු බවත් පොලීසිය සඳහන් කර ඇත.

කෙසේවෙතත් එම තරුණයා අත් අඩංගුවට ගැනීමේදී පොලීසිය ඔහුට බරපතළ ලෙස පහරදී ඇති බවටත් එම පහරදීම් හේතුවෙන් මරණය සිදුව ඇති බවටත් ඔහුගේ ඥාතීහු පොලීසියට චෝදනා කරති.

මීට සති කිහිපයකට පෙරත් වැලිකඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි තරුණයකු මේ ආකාරයෙන්ම රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වූ අතර මේ වනවිට ඔහුගේ දේහය යළි ගොඩගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...