ඇවිත් ගිය පසු ශාස්තෘ ….

0
12253

ඇවිත් ගිය පසු ශාස්තෘ
සිදුව ඇති දේ පසක් වන තුරු
පිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු

බැතිමතුන් ලූ මළ මූත්තර
පිරී ඉතිරී ගඳ ගසයි
රසවතුන් වෙත වැසුණු වන පෙත
“දැන් සැපද ” කියලා අසයි
අවන්හල් විශ්‍රාම ශාලා
කන්දෙ එල්ලී කෑ ගසයි
“මගේ පාඩුවෙ ඉන්න බැරි මට
ශාස්තෘ මෙහි ආ නිසයි”

ඇවිත් ගිය පසු ශාස්තෘ
සිදුව ඇති දේ පසක් වන තුරු
පිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු

~ රුවන් බන්දුජීව