*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

බොල්සොනාරෝ බහිරවයා ඇමසන් වනය දෙගුණයක වේගයෙන් ගිලලා!

ලෝකයේ පෙණහැල්ල යැයි විරුදාවලි ලත් ඇමසන් වැසි වනාන්තරය, ගතවූ අප්‍රේල් මාසය වන විට දෙගුණයකින් කපා දමා ඇති බව හෙළි වේ.මේ අනුව 2021 අප්‍රේල් මාසයේ දැකගත හැකි වූ මහා පරිමාණ වන හරණය, මේ වසරේ එනම් 2022 අප්‍රේල් මාසය වන විට දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙය බ්‍රසීලයට අයත් ඇමසන් වන කලාපයෙන් දරුණුම-වාර්තාගත කැලෑ කැපීමයි.

2022 අප්‍රේල් මස පළමු දින 29 තුළ පමණක් ඇමසන් වනයෙන් වර්ග සැතපුම් 390 ක් ( වර්ග කිලෝමීටර 1,012.5) ක් කපා දමා තිබේ.

මේ වසරේ මුල් මාස 4 තුළ ඒ අනුව ඇමසන් වනයෙන් වර්ග සැතපුම් 754 ක් කපා දමා තිබේ.

මේ බව සනාථ වූයේ පසුගිය සිකුරාදා සිදුකළ ජාතික අජටාකාශ පර්යේෂණ ඒජන්සිය වන Inpe හි දත්තවලිනි. ඔවුන් විසින් උඩු ගුවනේ සිට වන හරණය චන්ද්‍රිකා ඡායාරූපවලට නැගීම සිදු කරයි.

2015 වසරේ පටන් ඔවුන් විසින් සිදුකරන මෙම මෙහෙවර හේතුවෙන්, ඇමසන් වනයේ සිඳී යාම ලෝකයෙන් වසං කළ නොහැකි කාරණයක් බවට පත් වෙමින් තිබේ. එපමණක් නොව, එය බ්‍රසීල නායකයා නිරුත්තර කරන ක්‍රියාවක් බවට ද පත් ව තිබේ.

කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ ගෝලබාලයෙකු වන අන්ත දක්ෂිණාංශික ජෙයර් බොල්සොනාරෝ නම් පසුබසින බවක් පෙනෙන්නට නැත.

ඔහු සහ ඔහුගේ අර්ථික ප්‍රතිපත්ති විසින් ඇමසන් වනය බහිරව වේගයෙන් ගිල දමමින් තිබේ. මේ වන විට ඇමසන් ආශ්‍රිත ප්‍රාන්ත 5 ක් කේන්ද්‍රකරගෙන ඇමසන් වනය වේගයෙන් කපා දමමින් තිබේ.

බොල්සොනාරෝ 2019 වසරේ බලයට පත් වූ දා පටන් ඇමසන් වනයට බහිරව බැල්ම වැටුණේය.

මුළු ලෝකයම, ලෝකයේ පෙණහැල්ල සිදුරු කිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට චෝදනා කරමින් සිටියත්, ඔහු අදටත් කියන්නේ ඇමසන් වනයේ ගොවිතැන් කිරීම සහ පතල් හෑරීම මගින් කලාපයේ දුප්පත්කම තුරන් කළ හැකි බව ය.

Climate Observatory නමැති බ්‍රසීල පරිසර උද්දේශන ආයතනය මෙසේ කියයි. ”මේ වනහරණ වාර්තාවට තිබෙන්නේ එකම එක මුල් නමක් සහ වාසගමක් විතරයි. ඒ තමයි ජයර් බොල්සොනාරෝ.”

නමුත් කෝවිඩ් වසංගතයට පුංචි හෙම්බිරිස්සාවක් යැයි කියූ බොල්සොනාරෝ ට ඇමසන් වනයත් කජ්ජක් ද?

OUTBOUNDTODAY – AMALI JAYAWEERA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan