මියන්මාර සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගනී..

0
478

රෂිකා හෙන්නායක

පසුගිය කාලය තුළ, මියන්මාර සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකික පුද්ගලයින් 15 දෙනාද මුදවා ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදෙස් කටයුතු අමාත්‍යාංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකින් අනතුරුවයි.

බේරාගත් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකික කණ්ඩායම අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියවාදී ප්‍රදේශයේ මිසෝට්හිදී තායිලන්තයේ ශ්‍රීලංකා තානාපති වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දී තිබේ .

ඉකුත් මාර්තු මස 18වන දින මියන්මාර සයිබර් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් 14ක් සහා 2024 දෙසැම්බර් 17වන දින ශ්‍රී ලාංකික පුද්ගලයින් 27 බේරා ගෙන තිබුණි .

මෙම පිරිස මුඳවා ගනු ලැබුවේ විදෙස් කටයුතු ,විදෙස් රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්තයේ විදෙස් කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගා මහතා සහා මියන්මාර විදෙස් කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ මහතා සමඟ වරින්වර කළ දුරකථන සංවාදවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි වාර්තා වන්නේ.