*
Wednesday, May 7, 2025
spot_img

Latest Posts

හිටපු සභාපතිවරුන්ට ආසියානු තරගාවලියක් පැවත්වීමේ අභියෝගය භාර ගැනීමට බය වුණා – ශ්‍රී ලංකා බොක්සිං සභාපති අනුරුද්ධ බණ්ඩාර

නිශ්මං රණසිංහ මැයි 06, කොළඹ LNW:

ජූනි 12 සිට 23 දක්වා ශ්‍රි ලංකාවේ පැවත්වෙන අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං සූරතාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්,ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ වත්මන් සභාපති අනුරුද්ධ බණිඩාර පෙන්වා දෙන්නේ වසර 57 ක් සිටි ශ්‍රී ලංකා බොක්සිං සභාපතිවරුන් ගන්න බය වූ අභියෝගයක් ගැනීමට තමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය පියවර ගෙන ඇති බවය.ආසියානු මට්ටමේ බොක්සිං තරගාවලියකට ශ්‍රී ලංකාව සංවිධාන දායකත්වය ලබා දී ඇත්තේ මීට වසර 57 ට පෙර බව පැවසූ අනුරුද්ධ බණ්ඩාර මෙවැනි තරගාවලියක් සිංවිධානය කිරීම අපහසු කාර්යයක් බවත්,ඒ නිසා ඒ අභියෝගය තමන්ට පෙර සිටි බොක්සිං සභාපතිවරු නොගත් බව අනුරුද්ධ බණ්ඩාර පෙන්වා දුන්නේය.


මීට පෙර සිටි මෑත කාලීන බොක්සිං සමාජගත කිරීමේ ක්‍රියාවලියට විශාල දායකත්වයක් දැක් වූ පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ට ආර්ථිකමය ස්ථාවරයක් සකසා දෙන්නට මාස් ආයතනය මැදිහත් කළ ඩයන් ගෝමස් වැනි චරිත ද,හමුදාපතිවරයෙකු වූ ජගත් ජයසූරිය වැන්නන්ට ද සිය පිරිස් බලය සහ මූල්‍යමය ශක්තිය තිබියදී පසු කර යන්නට නොහැකි වූ කඩ ඉමකට ශ්‍රී ලංකා බොක්සිං හී සංවිධානමය හැකියාව තමා යටතේ ඔසවා තබා ඇති බව ඔහුගේ කතාවෙන් ගම්‍ය වන, ලංකාවේ බොක්සිං කේෂ්ත්‍රයට සුබදායක බලාපොරොත්තුවකි.


සභාපතිවරයාට මෙම අදහස මුදුන්පත් කර ගැනිම සඳහා මුල් අවස්ථාවේ අමිල සහ දසනායක යන හිතවතුන් සමඟ මෙම තරගාවලියේ කළමණාකරු සහ වත්මන් බොක්සිං සම්මේලන ලේකම්වරයා ද වන තරංග පෙරේරා ඉහළ දායකත්වයක් දැක් වූ බව ඔහු පෙන්වා දුන්නේය.
ආසියානු සම්මේලනයේ අධක්ෂවරියක වන මරියම් මෙහිදී දුන් සහය වැදගත් බව සභාපතිවරයා පෙන්වා දුන් අතර ඇය තම සංගමය ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද ඉසව් කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් ඉනික්බිතිව මෙම අවස්ථාවට ලංකාව සුදුසුබව,ඇය හරහා ආසියානු සම්මේලනය නිගමනය කළ බවද පැවසීය.


මෙම අවස්ථාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 ක් සහභාගි කරවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.අවුරුදු 22 අංශයෙන් පිරිමි බර පංති 13 ක්ම මහ කාන්තා බර පංති 12 ක් ඇති බවත්,ඒ ආකාරයටම යොවුන් කාණ්ඩයේ තරගද ක්‍රියාත්මක වන බවත් මෙහිදී සභාපතිවරයා අවධාරණය කළේය.ඉතිහාසයේ සිඳුව ඇත්තේ ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩකයින් තුනක් හෝ හතරක් සහභාගි කරවීම බව පෙන්වා දුන් සභාපතිවරයා එය සංඛ්‍යාත්මකව 33 ක් විම විශාල පිම්මක් පැනීමක් බවද අවධාරනය කළේය.පදක්කම් 10 ක් බලාපොරොත්තු වන බව ද විශ්වාසයෙන් පැවසූ සභාපතිවරයා පෙර පරිදි කටයුතු නොකර,බොක්සිං සම්මේලනයේ කිසිඳු බලපෑමක් නොකරමින් සැබෑම දක්ෂයන් තෝරා ඇති බවට තිබෙන සහතිකය පදනම් කරගෙන පදක්කම් 10 ගැන ප්‍රකාශ කරන බවද සභාපතිවරයා පැවසුවේ අතීත තේරුම් ක්‍රියා ගැන ද හීනියට රිදවීමක් කරමින්ය.


එසේම මේ මොහොතේ ත්‍රීස්ටාර් විනිසුරු සහ තීරක පාඨමාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්,අයිටීඕ පාඨමාලාවක් ක්‍රියාත්මක වන බවත් පැවසූ සභාපතිවරයා ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස්පතිතුමාට ද ස්තූතිය පුද කළේ මේ වන විට තරගකරුවන්ගේ පුහුණු කටයුතු සිඳුවන්නේ කළුතරට සම්බන්ධව පොලිසියේ මඟ පෙන්වීම මත බව පෙන්වා දෙමින්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පමණක් මිලියන 10.2 ක මුදලක් වැය වෙන බව පෙන්වා දුන් සභාපතිවරයා මූල්‍යමය ගැටළු මත මුලින් තරගාවලියට ඇතුළත් කර ගන්නට 25 ක් පමණක් ඇතුළත් කර ගන්නට කල්පනා කළත්,පසුව එය 33 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බව පැවසීය.ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් රටවල් 25 ක සහභාගීත්වයක් සහිතව පැවත්වෙන මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ද ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමවලින් පැහැදිළි විය.ක්‍රීඩා අමාත්‍යවරයා,නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද මේ අවස්ථාවේදි සභාපතිවරයා විශේෂ ස්තූතියක් ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවට ආරාධනා ලද මාධ්‍ය අතර සිටි වීඑෆ්එම් හී යු ටියුබ් චැනලය පළ කළ වීඩියෝවට පහතින් පිවිසිය හැකිය.
https://www.youtube.com/watch?v=gAgc6qO8EmY

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan