කොටහේනේ සිසුවියට යුක්තිය ඉල්ලද්දී කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය දීපු උත්තරේ !

Date:

කොටහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් ගුරුවරයකු විසින් අපයෝජනය කිරීමෙන් අනතුරුව මානසික පීඩනය නිසා ඇය සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඊයේ (මැයි 08) කොළඹ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්විණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවධානය යොමුවූ අතර එහිදී ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් ඊට දී තිබුණේ මෙවැනි පිළිතුරකි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් –

“මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර්ව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා. සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා. අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා”.

ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් –

“මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් JMO රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා. පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා”.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් –

“මම මේ ඇමතිතුමියගෙන් මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ වගේ වෙලාවක එයාව ඇවිත් මුණගැහුණේ නෑ කියලා විහිළු සපයන්න එපා”.

ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් –

“උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. හැබැයි මේකට නීත්‍යානුකූලවම තමා යන්න ඕන”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...

ලෝකයේ බලගතු කාන්තාවන් අතර ගෝලීය සම්මානලාභිනියක් ලෙස පිළිගැනීමට ලක් වූ Sarrah Sammoon..

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යවසායිකාවක් සහ ගෝලීය...

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...